කපල් වලට / යාලුවොන්ට බයික් වල සෙට් වෙලා දවසෙන් යන්න පුළුවන් සුපිරිම ට්රිප් එකක්.
දොළොස්බාගේ හරහා අබුලුවාව සහ නුවර.
දොළොස්බගෙට යන අතරතුර,
01.හෙම්බෙන මුල්ම ඇල්ල තමයි රිකිලි ඇල්ල 💧
02. නළගන ඇල්ල 😍 (පොඩි දිය ඇල්ලක් උනාට ලස්සන විව් එකක් තියෙනවා ගොඩක් වතුර තියෙන කාලෙට නම් ලස්සන ඇති ගොඩක් 🤗)
03. දොළොස්බාගේට යද්දී හම්බෙන දේදුගල විව් පොයින්ට් එක. 🥺
(කොලබ ඉන්න කෙනෙක්ට උදේ 6ට වගේ ගියොත් මේ ටිකට ඔක්කම දවල් 12 වෙද්දී යන්න පුළුවන්)
දොළොස්බාගේ පහු කරලා
05.ඇසුපිනි ඇල්ල 😍🥺 (මේකෙන් නාලා තමයි අපිත් ගියේ මාරම ලස්සන දිය ඇල්ලක් හැබැයි පරිස්සමින් ගොඩක් දෙනෙක් බිලි අරන් තියෙනවා)
06.ඇසුපිනි අල්ල උඩ ඉදන් 🥺🤗
මෙතනින් නාලා 3 වෙද්දී අපි අම්බුළුවාවවට පිටත් උනා. අම්බුළුවාවේ වැඩි වෙලාවක් හිටියේ නැහැ සෙනග නිසා අම්බුලුවාවෙන් 5ට වගේ නුවරට පිටත් උනා නුවර ට යද්දී 6යි දළදා මාලිගාව වැදලා එහෙන් අයේ 7 පහු වෙලා කොලබ එන්න පිටත් උනා කොලබට එද්දී 9.30 වගේ
කෙටියෙන් ( කොලබ > බුලත්කොහුපිටිය > රිකිරි ඇල්ල > නළගන ඇල්ල > දේදුගල විව් පොයින්ට් > දොළොස්බාගේ > ඇසුපිනි ඇල්ල > ගම්පොල > නුවර > කොලබ )
මේ ඔක්කම යන්න තෙල් වලට 1000ක් වගේ තෙල් මිල වැඩි වෙන්න කලින්. කැමට බිමට ඔක්කමට 2000ක් වගේ දෙන්නටම.
Fb: https://www.facebook.com/elvimadushanka
Insta: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi









