Elvi Madushanka
Home  /  Articles  /  රත්නපුර
රත්නපුර2026 අගෝස්තු 23

රත්නපුරේ ඇළපාත ඉදන් කලාවන හරහා අත්වැල්තොටට යමු දිය ඇලි ගොඩක් බලන්න

බල්ලා මල දියඇල්ල

රත්නපුරේ ඇළපාත ඉදන් කලාවන හරහා අත්වැල්තොටට යමු දිය ඇලි ගොඩක් බලන්න

මුලින්ම කියන්න මේ ගමන ගියේ දැනට මාස තුනකට විතර කලින් ඒ නිසා මේ දිය ඇලි වල මේ දවස් වල මේ විදිහටම වතුර තියෙන්න විදිහක් නැහැ අපි යන දවස් වල ඇලපාත යට වෙලා තිබ්බේ හොදටම. ෆොටෝස් ටික අනිවාර්යෙන්ම බලන්න සම්පුර්ණ ලොකේෂන් එක්ක දාලා ඇති කතාව.

මුලින්ම අපි ගියේ හත්බඹ ඇල්ලට මේක පොඩි උනත් උඩට උඩට නගිද්දී ඇල්ල දිගේ තවත් ලස්සන ඇලි ටිකක් බලාගන්න පුළුවන්. මේක තියෙන්නේ ප්‍රදාන පාරේ ඉදන් පොඩි දුරක, ඒ නිසා මේ වගේ ඇල්ලක් ඒ වගේ තැනක තියෙනවා කියලා හිතන්න බැහැ යද්දී ප්‍රදාන පාරෙන්.

ඊට පස්සේ අපි පිටත් උනේ බල්ලා මල ඇල්ලට මේක තමයි මේ ගමනේදී මම දැකපු ලස්සනම ඇල්ල වතුර වැඩි කාලේට ඇල්ල උඩින් පහලට යන්න විදිහක් නැහැ, වතුර වැඩි කාලේට ඇල්ලේ පහලට වෙන පාරකින් එන්න ඕනේ, එත් අපි පොඩි Risk එකක් අරගෙන උඩින්ම පහලට බැස්සා පහලටම යන්න බැරි උනා. අනිවාර්යෙන්ම බලන්න යන්න දිය ඇල්ලක් තමයි බල්ලා මල ඇල්ල.

ඊට පස්සේ අපි පිටත් උනේ මේ වටවල ඇල්ලට මේකත් තියෙන්නේ බල්ලා මල ඇල්ලට කිලෝමීටර් 4-5ක් විතර දුරින්. මේකත් ලස්සනම ඇල්ලක් එත් අපි ගිය දවසේ අපිට වෙලාව මදි වෙයි කියලා හිතලා අපි මේ ඇල්ලේ උඩට ගියේ නැහැ, පහල ඉදන් බලලා අවා.

අපි ඊට පස්සේ කලවාන පැත්තට ආව කලවානෙන් කාලා බිලා අපි පිටත් අත්වැල්තොට පැත්තට මේ හරියේ තමයි අපි බලන්න ඉදපු අනිත් දිය ඇලි ටික තිබුනේ,

මුලින්ම අපි ගියේ කබරගොයි දොල ඇල්ලට මේක නම් වතුර තියෙද්දී මාරම ලස්සන ඇල්ලක්, අනිවාර්යෙන්ම වතුර තියෙන කාලේට යන්න මම පහලින් ෆොටෝස් වල මේ ඇලි වල හැම විස්තරයක්ම ලියලා තියෙනවා.

මේ ඇල්ලත් අපි පිටත් උනේ දිගන්න ඇල්ලට එත් අපිට මේකට යන විදිහක් හරියටම හොයා ගන්න බැරි උනා ඒ නිසා අපි ඒ පාරේම රූණකන්ද රක්ශිතේ ඇතුලට ගියා සිංහරාජෙම කලවාන පැත්ත, මේ රක්ශිතේ ඇතුලේ තියෙනවා මෝහිනී ඇල්ල කියලා ඇල්ලක් මේ ඇල්ලත් පොඩි උනාට අපි යන දවස් වල වතුර තිබ්බ නිසා මාරම ලස්සනක් තිබුනේ. ඊට පස්සේ අපි මේ ඇල්ලත් බලලා 5ට විතර ආයෙත් පිටත් උනේ දිගන්න ඇල්ල බලන්න.

පාර හොයාගෙන දිගන්න ඇල්ලේ පහල කොටසට ගිහින් බැලුවා එත් ඇල්ල දිගේ උඩට යන්න බැ වතුර වැඩි ඒ නිසා එතන ඉදපු අයියා කෙනෙක් කිව්වා වටෙන් පාරක් තියෙනවා යන්න පුළුවන් කියලා කොහම හරි එකත් හොයාගෙන හවස 6ට විතර දිගන්න ඇල්ලේ මැද කොටසට අපි ගියා. එතැන තමයි මම දැකපු ලොකුම වතුර පාර තිබ්බේ. මාරම පළලයි ඇල්ල අනිවාර්යෙන්ම යන්න ඕනේ ඇල්ලක් තමයි දිගන්න ඇල්ල.

ඊට පස්සේ අපි කැලේ ඇතුලෙන් 7ට විතර ඇවිත් කොලබට එන්න පිටත් උනා, අයෙත් බුලත්කොහුපිටිය හරහා එන්න හදපු නිසා හොදටම යට වෙලා බුලත්කොහුපිටිය, පස්සේ මැප් එක බලලා අපි කොහම කොහම හරි අවා කොලබට එද්දී 10 විතර උනා.

ෆොටෝස් ටික ඔක්කම බලන්න ඔක්කම කතාව ඒවගේ ලියලා ඇති. එහනම් තවත් අලුත් ගමනකින් ආයෙත් හමු වෙමු!

හත්බඹ ඇල්ලබල්ලා මල ඇල්ලමේ වටවල ඇල්ලකබරගොයි දොල ඇල්ලදිගන්න ඇල්ලමෝහිනී ඇල්ල
#elvimadushanka #rathnapura #waterfall #srilanka

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs