550km බයික් වලින් ගියපු road trip එක ☘️😍
කෙටියෙන් කිව්වොත්, කොලබ > ලක්ෂපාන ඇල්ල > මස්කෙළිය > හැටන් > නුවරඑලිය > බදුල්ල > දුන්හිද ඇල්ල > මහියංගය පාර ඔස්සේ නුවරට > නුවරින් කොලබට 😌😥
පාන්දර 3ට වගේ කොලබින් කෙලින්ම පිටත් උනේ ගින්ගත්හෙන හරහා ලක්ෂපාන ඇල්ලට, ඇල්ලට යද්දී උදේ 8යි වගේ. ඇල්ලේ උඩයි පහලයි දෙකටම ගිහින් එතනින් පිටත් වෙද්දී වෙලාව 10.30යි වගේ. 🥹💚
කෙලින්ම යන්න ගියේ මස්කෙළිය හරහා ගාර්ට්මෝ දිය ඇල්ලට එත් අව්ව නිසා, ලස්සන පික්ස් ටිකක් ගහගන්න බැරිත් නිසා. කෙලින්ම හැටන් වලට ගියා මස්කෙලියත් බලාගෙන, තේ වතු මැද්දෙන්. ☘️☘️
හැටන් වලින් දවල්ට කළා එතනින් 2ට වගේ, නුවර එලියට පිටත් උනා. යද්දී St. Clair’s දිය ඇල්ලත් බලාගෙන, නානු ඔය ඔස්සේ, තේ වතු මැද්දෙන් නුවර එලියට ගියා. නුවර එලියේත් ගෙගරි පාක් එකේ ඇවිදලා එතනින් 5ට වගේ බදුල්ලට පිටත් උනා. 😍😍
බදුල්ලේ අපේ ගෙස්ට් එකට යද්දී 7යි, එතනින් කළා නිදාගෙන ඊට පස්සේ දවසේ ප්ලාන් එක තිබ්බේ උදේ 6ට වගේ පිටත් වෙන්න එත් උදේ 9.30 වෙනකම් වගේ හොදටම වැස්සා. වැස්සෙන් පස්සේ කෙලින්ම ගියේ දුන්හිද ඇල්ලට බදුල්ලේ. 🥰💚☘️
දුන්හිද ඇල්ලත් බලලා එතනින් 12ට වගේ මහියංගනය පාරෙන් කෙලින්ම නුවරට එන්න තමයි ප්ලැන් කලේ. මහියංගනය පාරේ බයික් වලින් යනවා නම් දවල්ට යන්න. මොකද පාර පට්ට පාලුයි. අපි ගියේ වෙසක් පෝය නිසාද දන්නෙත් නැහැ පාලු. ඒ වගේ ලස්සන පාරක අනිවාර්යෙන් යන්න ඕනේ. ගස් වලින් වට වෙලා. ☘️💚
මහියංගනය පාරෙන් නුවරට යද්දී, ලග්ගල ඔය, Randenigala Dam එක, Victoria Dam එක, බලාගෙන එන්න පුළුවන් රන්ටැබේ කැලේ මැදින් තමයි පාර තියෙන්නේ. 🥰😘
නුවර එද්දී හවස 4යි වගේ, නුවර මුස්ලිම් හොටෙල් එකෙන් බිරියානි එකකුත් කළා මලිගවෙත් ඇවිදලා, කුයින්ස් එක ඉස්සරහ අත දික් කරන පින්තුරයක් ගන්න කෙල්ලෙක් නැති නිසා, එතනට ගියේ නැ. 💔😭
නුවරින් 5.30ට වගේ පිටත් උනා කොලබට, කොලබට එද්දී රැ 8.30 වගේ උනා. කතාව ඉවර නැ. ෆොටෝස් ටිකේ ඉතුරු ටික. 😌
එහනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. 😘

















