Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  දැරණියගල
දැරණියගල2026 මැයි 13

කොළඹ ඉදන් පැය දෙකෙන් යන්න පුළුවන් දැරණියගල දිය ඇලි දාමය 😍

බල්ලමුල ඇල්ල උඩ
බල්ලමුල ඇල්ල උඩ

කොළඹ ඉදන් පැය දෙකෙන් යන්න පුළුවන් දැරණියගල දිය ඇලි දාමය 😍

ගමන පටන් ගත්තේ කොලබින් උදේ 6ට වගේ අපි දැරනියගලට යද්දී උදේ 8 වගේ උනා. අපිට මුලින්ම හම්බෙන්නේ බල්ලමුල ඇල්ල, මේක නම් තියෙන්නේ පාර අයිනේමයි ඉතින් ප්‍රදාන පාරේ ඉදන් පොඩ්ඩක් පහලට බහින්න විතරයි තියෙන්නේ. මේක හම්බෙන්නේ දැරණියගල ටවුන් එක කලින්.

ඊට පස්සේ පොඩි දුරක් යද්දී අපිට හම්බෙන්නේ කහනවිට view point එක, ඊට පහලින් අපිට Lovers Bridge (ඇත් හොඬ පාලම) බලාගන්න පුළුවන්.

ඊට පස්සේ අපි ගියේ දැරනියගල town එකට එතැනින් අපි මාලිබොඩ පාරට හැරෙන් නැතුව අපි කෙලින්ම ගියේ නූරී පැත්තට එතකොට අපිට හම්බෙනවා, දැරනියගල සංගිලි පාලම, නක්කවිට පාලම, රක්කනාව දිය ඇල්ල, බුදුමාලෝක දීය ඇල්ල, මි -නි - ම -රු ඇල්ල මෙහම තමයි ගූගල් එකේ තියෙන්නේ එත් මේක ලේන්තිරි ඇල්ලේ පහලම කොටස වගේ, ඔයාලා මි- නි-ම -රු ඇල්ල, පහු කරගෙන උදට ගියොත්, කළුවල සහ ලේන්තිරි ඇල්ල බලාගන්න පුළුවන්. අපිට මේ දෙක මිස් උනා අපි හිතුවේ මේ දෙකට කිතුල්ගල පැත්තේ ඉදන් එන්න ඕනේ කියලා එත් මේ පැත්තෙනුත් යන්න පුළුවන්.

බුදුමාලෝක දීය ඇල්ලට යන්න පාරක් නැ අපි පාරක් හදාගෙන තමයි ගියේ, කලින් පාරක් තියෙන්න ඇති දැන් නම් කවුරුත් ගිහින් නැති නිසා, පාරක් නැහැ.

ඊට පස්සේ ඔය ඔක්කම ටික බලලා, ඒවගෙන් නලා අපි ආවේ දැරනියගල town එකට, දැරනියගල hospital එක ඉස්සරහින් පාරක් තියෙනවා මංචනායක පාර කියලා මේ පාර නම් ගොඩක් කැඩිලා බයික් එකකට වත් යන්න අමාරුයි අපි මේ පාර දිගේ ගියේ. Reucastle Wire Bridge එකට මේක තමයි වාහන යන ලංකාවේ උසම සංගිලි පාලම.

කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල ලියලා තියෙනවා අනිවාර්යෙන්ම ඒ ටික බලන්න. එහෙනම් මේ ගමනේ වීඩියෝ එකක් අරගෙන අයෙත් ලගදීම එන්නම්.

#deraniyagala #kitugala #kithulgala #elvimadushanka #srilanka #travelsrilanka #srilankatravel

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs