දියඇලි ගොඩක් බලාගෙන, බලන්ගොඩ ඉදන් බොගවන්තලාව හරහා Gartmore වලට යමු 😍🍃
අපි කලින් ගමනේදී ගියේ බලන්ගොඩ ඉදන් කල්තොටට පැත්තට ඒ කියන්නේ පහලට, මේ ගමනේදී යන්නේ බලන්ගොඩ ඉදන් උඩ පැත්තට බොගවන්තලාව. මේ ගමන පටන් ගන්නේ තයිපොංගල් දවසේ හොදටම වැස්සේ, කොලබින් පාන්දර 4ට වගේ පිටත් උනේ කෙලින්ම ගියේ අපි බලංගොඩටට එතැනින් කළා පිටත් උනේ බොගවන්තලාව කියන පුංචි ගමට. 🥰
බොගවන්තලාව යද්දී ලස්සනම ලස්සන පාරක් තියෙන්නේ ෆයිනස් ගස් වලින්, වට උන, ඉස්සර සූරිය කන්දේ වංගු 10 වගේ පාරක් තමයි මේකත්, කැලැවෙන් වට වෙලා, මේ පාරේ යද්දී ලස්සන තේ වතු, එහමත් ගොඩක් හම්බෙනවා,
බොගවන්තලාව කිව්වම ඉතින් මතක් වෙන්නේ හැමෝටම තේ නේ, බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 20ක් වගේ තමයි පලවෙනි දිය ඇල්ල හම්බෙන්නේ බොල්තුඹේ ඇල්ල (Bolthumbe Waterfall) 🌊 පොඩි දිය ඇල්ලක් හැබැයි ගොඩක් ලස්සන නාන්න එහම පුළුවන් තැනක්.
බොල්තුඹේ ඇල්ල බලන්න තැන් කියපයක්ම තියෙනවා, ටිකක් උඩට පයින් යන්න වෙනවා අල්ලේ ලස්සනම තැනට, බොල්තුඹේ ඇල්ලත් බලලා අපි කෙලින්ම ගියේ පිදලිගන්නවෙල ඇල්ලට (Pidaligannawela Waterfall) 🌊 මේකට යද්දී මාරතැන්න කියලා ගම්මානයක් පහු කරගෙන යන්න තියෙන්නේ ඒ හරියෙත් මාරතන්න viewpoint එක කියලා එකකුත් තියෙනවා බලාගෙන යන්න. පිදලිගන්නවෙල ඇල්ල නම් පාර අයිනෙමයි තියෙන්නේ. එකත් හරිම පොඩි ඇල්ලක්. 💚
පිදලිගන්නවෙල ඇල්ලත් බලලා එතනින් කිලෝමීටරයක් වගේ යද්දී තමයි බලන්ගොඩ viewpoint එක තියෙන්නේ, මේ ටික ඔක්කම පහල ඉදන් බලාගෙන එද්දී තව ගොඩක් දිය ඇලි දුරින් බලාගන්න පුළුවන්, ඒවටත් යන්න පුළුවන් පාරවල් ඇති එත් දවසෙන් මේ ඔක්කමට යන්න වෙලාව මදි, අපි මේ ගමන ගියේ දවසෙන්.😌
බලන්ගොඩ viewpoint එක කියන්නේ මාරම ලස්සන තැනක් බලන්ගොඩ ටවුන් එක දුරින් පේනවා, වෙනම වයිබ් එකක් එතන තියෙන්නේ, වැස්සයි මිදුමයි සීතලයි ඒ තැනයි අපි ගිය වෙලාවේ නම් කියන්න වචන නැ. 😍
බලන්ගොඩ viewpoint එකේ ඉදන් අපි ඊට පස්සේ ගියේ බොගවන්තලාව හරහා norwood කියන ගමට, ඒ පාරත් තේ වතු වලින් වට වෙලා තියෙන ලස්සන පාරක්, 🔥
norwood කියන ගමේ ඉදන් අපි upcot කියන ගමේ තියෙන Fairlawn Fall දිය අල්ලා බලන්න ගියේ, මේ දිය අල්ලට බොගවන්තලාව ඉදන් කිලෝමීටර් 27ක් තියෙනවා, එත් බයික් එකක යනවා ලේසි පාරක් තියෙනවා බොගවන්තලාව ටවුන් එකේ ඉදන්, ඒ පාරේ කිලෝමීටර් 17ක් වගේ පෙන්වන්නේ එත්, මම ගූගල් මැප් එකේ බයික් එක නෙවෙයි select කරලා තිබ්බේ ඒ නිසා මම ගියේ දුර පාරෙන් නැත්තම්, කිලෝමීටර් 17 තියෙන පාරෙන් ගියා නම් norwood කියන ගමට යන්නේ නැතුව මේ ඇල්ලට යන්න පුළුවන්. 😌
norwood town ඉදන් upcot වලට කිලෝමීටර් 10ක් වගේ තියෙනවා, upcot town එකේ ඉදන් Fairlawn Fall ඇල්ලට 3KM වගේ, Fairlawn Fall දිය ඇල්ල කියන්නේ මම දැකපු ලස්සනම දීය ඇල්ලක්, Fairlawn Fall ඇල්ල වැටෙන තැන ඉදන් තව ටිකක් උඩට ගියාම Fairlawn ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන් ගල් තලාවක් තියෙන්නේ වෙනස්ම ලස්සනක් එතැන තියෙන්නේ, හොදටම වැස්ස නිසා මට ඇල්ල ලගට යන්න බැරි උනා ගල් හොදටම ලිස්සනවා. 😰
Fairlawn ඇල්ලත් බලලා අපි පිටත් උනේ Gartmore ඇල්ල බලන්න, upcot වල ඉදන් Gartmore වලට 10KM වගේ තියෙනවා, මේ පාර නම් ඔයාල ගොඩක් දෙනෙක් ගිහින් ඇති මම ලස්සන තේ වතු වලින් වට උන වෙනස්ම ලස්සනක් තියෙන පාරක්. හවස 2.30 වගේ වෙද්දී Gartmore ඇල්ලේ උඩ කොටසත් බලලා අපි පිටත් උනේ Gartmore අල්ලේ පහලට යන්න ඒ ලගින්ම තමයි යන්නේ තියෙන්නේ හැබැයි ඒ පාර නම් ගොඩක් අවුල්. කොහම හරි අල්ලේ පහළටත් ගියා, මේ හරියේ තමයි ගවරවිල ඇල්ලත් තියෙන්නේ, එත් එකට යන්න වෙලාව අපිට හොදටම මදි නිසා අපි හවසට 4ට විතර කොලබට එන්න පිටත් උනා. 💚
එදා තයිපොංගල් දවස නිසා එකම එක කඩයක් වත් උදේ වරුවේ ඇරලා තිබ්බේ නැ කෑම ගන්න, හවස එද්දී අපිට Gartmore හරියෙම කන්න කඩයක් හම්බුනේ දවල්ට එතනින් කළා, අපි හැටන් වලට පිටත් උනා, මොකද ආයෙත් බලංගොඩට ගිහින් එන එක ලොකු දුරක්. හැටන් වලට කාපට් කරපු හොද පාරක් තියෙනවා විනාඩි 45ක් වගේ යද්දී හැටන් වලට යන්න පුළුවන් Gartmore වල ඉදන්. 😌
හැටන් වල ඉදන් කොලබ අවා රෑ8.30 වෙද්දී, මේ ගමනේ තව තැන් ගොඩක් තිබ්බා ලිස්ට් එකේ එත් වැස්ස, අපිට ගොඩක් වෙලාව ගියා යන්න එන්න පාරවල් ගොඩක් හේදිලා ගිහින් ඒ නිසා ගොඩක් හෙමින් යන්න සිද්ද උනේ, ෆොටෝ එහමත් හිතෙන හිතෙන විදිහට ගහන්න විදිහක් තිබ්බේ නැ හොදටම වහින නිසා. 🥶
⭕කතාවේ ඉතුරු ටික ෆොටෝස් ටිකේ, අනිවාර්යෙන්ම ෆොටෝස් ටික බලන්න තැන් ටික යන පාර ඔක්කම mention කරලා තියෙනවා ෆොටෝස් වල, මේ ගමනේ වීඩියෝ එකකුත් ඉක්ක්මනට අරන් එන්නම්. ⭕
⭕ තවත් මේ වගේ පොස්ට් බලන්න අනිවාර්යෙන්ම Elvi Madushanka Page එකත් Follow කරන්න 😘
⭕ මේ ගමන 2024 ගියපු ගමනක්, මේ පොස්ට් එක නැවත පළකිරීමක්
#gartmore #gartmorefalls #maskeliya #balangoda #Bogawanthalawa #elvimadushanka #elvi



























