Home  /  Articles  /  කළුගල ගැරඩි ඇල්ල
කළුගල ගැරඩි ඇල්ල2023 සැප්තැම්බර් 22

ලංකාවේ තවත් Adventure Hike එකක්, කළුගල ගැරඩි ඇල්ල

උඩදුම්බරින් බැහැපු ගමන් දැක ගන්න තියෙන විව් එක 🍃😍
උඩදුම්බරින් බැහැපු ගමන් දැක ගන්න තියෙන විව් එක 🍃😍

ලංකාවේ තවත් Adventure Hike එකක්, කළුගල ගැරඩි ඇල්ල 🔥🍃

මුලින්ම කියන්න ඕනේ මීට කලින් කදු නැගලා නැති කෙනෙක්නම් මේකට මේ දවස් වල නම් යන්න එපා. මොකද කන්ද උඩ හරියේ අල්ල ගන්න තණකොළ ගහක්වත් නැහැ. ලිස්සුවොත් කෙලින්ම බිම තමයි. මේ දවස් වල පස් ගැලවී ගැලවී යන ලිස්සන ගතියක් තියෙන්නේ. 😥

වෙනදා වගේම අපි ගමන පටන් ගත්තේ සෙනසුරාදා දවසක නයිට් මේල් එකෙන්. හරියම රැ 8.30ට නයිට් මේල් එක එකේ නැගලා කෙලින්ම නුවර ගියා. නුවරට යද්දී රැ 11.30 වගේ. කළුගල ගැරඩි ඇල්ලට යන්න කෙලින්ම බස් එකක් තියෙනවා නුවරින් පාන්දරට එත් අපි ගියේ ඉරිදා දවසක නිසා මේ බස් එක නැ. ඒ නිසා අපි පාන්දර 4ට වගේ මහියංගනය යන බස් එකක නැගලා උඩදුම්බර කියන ටවුන් එකෙන් බැස්සා. උදේ 7ට වගේ උඩදුම්බරින් බැහැලා ඕන කරන බඩු ටික අරගෙන කළුගල පැත්තට පයින්ම ගියා. 😋

ගැරඩි ඇල්ලට යන්නේ පහේ කණුව කියන හන්දියෙන් මේ පහේ කණුවට උඩදුම්බර ඉදලා කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. පයින් යන්නත් පුළුවන් එත් ටිකක් දුරයි වගේ. ඒ නිසා අපි ගමන එන්න කලින්ම ගැරඩි ඇල්ලේ බණ්ඩා මාමා කියලා කෙනෙක්ගෙන් ඔක්කම විස්තරය අහගත්තා. ඉතින් බන්ඩා මාමා අපිට පහේ කණුවේ තියෙන හොටලකියන් කෑම ගන්න ඒ ටික හදලා දුන්නා. ඒ හෝටලයේම අයියා අපිව මගට ඇවිත් ට්‍රිවිල් එකක එක්කන් අවා පහේ කණුවට අපෙන් සල්ලි ගත්තෙත් නැ ට්‍රිවිල් එකට. 🫡

කට්ටිය කෙලින්ම පහේ කණුවට ගිහින් ඒ අයියගේ කඩෙන් අපි ඔර්ඩර් කරපු කෑම ටිකත් අරගෙන.අපි මගින් ගත්ත කෑමත් කළා උදේ 8ට වගේ කන්ද නගින්න පටන් ගත්තා. පහල කඩේ ෆොටෝස් ඔක්කම ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කම තියෙනවා විත්සරයේ. 👇

හයික් එකේ මුල්ම කොටස, 😌

අපි කෙලින්ම 5 කණුව ලග ඉදන්ම පයින්ම කන්ද නගින තැනට පිටත් උනා. කන්ද නගින තැනට කිලෝමීටර් 2ක් වගේ තියෙනවා. මේ ටික නම් අන්තිමට කොන්ක්‍රීට් කරපු පාරකින් ගුරු පාරක් දිගේ පොඩි දිය පහරක් ලගින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම තමයි කන්ද නගින්න තියෙන්නේ. මේ දිය පහර ලග පොඩි දේවාලයකුත් තියෙනවා. මේ ටික නම් අමාරුවක් නැහැ. ලේසියෙන්ම යන්න පුළුවන්.

හයික් එකේ දෙවන කොටස, 😲

කන්ද නගින්න තැන ඉදන් කිලෝමීටර් බාගයක් වගේ උඩට වෙන්න තමයි බණ්ඩා මාමගේ පැල තියෙන්නේ. මේ ටික නම් ලොකු අමාරුවක් නැහැ යන්න. එරන්ත පාරෙන් සිරිපාදේ යනවා වගේ පොඩි දුරක් නිසා ලොකු මහන්සියක් වෙලාවක් යන්නේ නැහැ. බණ්ඩා මාමගේ පැල ලගට අපි උදේ 9.30 10 වගේ වෙද්දී ගියා ගිහින් බණ්ඩා මාමාගෙන් අපිට උයන්න කරන්න බාජන දෙකකුත් ඉල්ල ගත්තා. එතනට ගියාම කන්දේ ඔක්කම නගින්න ඕනේ ටික පේනවා. බණ්ඩා මාමාගෙන් හරියටම යන පාර අහගන්න එතන ඉදන් නැත්තම් කන්ද නගිද්දී පාරවල් ගොඩක් තියෙනවා.

හයික් එකේ තුන්වන කොටස, 😥

බණ්ඩා මාමගේ පැල ලග ඉදලා ලනු වලින් නගින තැනට කිලෝමීටරයක් වගේ ඇති. මේ ටික නම් සමහර තැන් තියෙනවා ටිකක් අමාරු එත් ලොකු අවුලක් වෙන්නේ නැහැ. කොම කොම හරි නගින්න පුළුවන් නගින එක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි උඩට යන නිසා. එත් අපිටත් මේ ටික යන්න පැය දෙකක් වගේ ගියා මොකද අපිත් පලවෙනි පාරට හයික් එකක් යන දෙන්නෙකුත් අවා 😁 ඒ නිසා ඔක්කම කට්ටිය හෙමින් ගියේ. කෝම කෝම හරි දවල් 12.30 - 1 වගේ වෙද්දී ලනු වලින් නගින තැනට අවා. එතන දිය ඇල්ලේ පහල කොටස තියෙනවා. වතුර එහම තිබ්බේ නැ ලොකුවට මොකද අපි ගිය දවස් වල නම් පැවිල්ල. එතන ඉදන් දවල්ට කාලා 2.30ට වගේ ලනු දිගේ නගින්න ගත්තා උඩම කොටසට. ලනු වලින් නගින්න තියෙන්නේ මීටර් 20ක වගේ කොටසක්.

හයික් එකේ 4 වන කොටස, 🥵

ලනු වලින් උඩට ගිය ගමන් කන්දේ edge එකෙන් තමා ටික දුරක් නගින්න තියෙන්නේ මේ ටික නම් පුරුදු නැති කෙනෙක් නම් හරිම පරිස්සමෙන් නගින්න ඕනේ. ගල දිගේ නගින ටිකත් පුරුදු නැති කෙනෙක්ට අමාරු වෙයි. මෙතන කන්ද මුදුනටම මීටර් 500ක් වත් නැහැ එත් මේ ටික තමයි ටිකක් අමාරුම කොටස මොකද කන්ද ලිස්සනවා සහ අපිට අල්ල ගන්න තණකොළ ගහක්වත් නැහැ. අල්ලන්න තියෙන ගල් එහම ගැලවිලා එනවා පස ගොඩක් බුරුල්. මේ ටික නගිද්දී කට්ටිය එක ලග ලග නගින්න එපා මොකද පිටිපස්සේ ඉන්න කෙනාගේ මුනට ගල් එනවා. ඒ නිසා ලොකු දුරක් තියාගෙන නගින්න. කට්ටිය මේ ටික නගින්නත් පැය 2ක් වගේ ගියා. නැවතී නැවතී දුර තියාගෙන නගින්න ඕනේ නිසා. කෝම හරි උඩට යද්දී හවස 4යි වගේ.

රැ කැම්පින් කරපු experience එක 😍 🍃

කන්ද උඩටම ගියාම, සුපිරි ලස්සන විව් එකක් තියෙනවා. මහියංගනයේ තියෙන වැව් ටිකයි ඔක්කම ටික පේනවා. ඒ වගේම යහන්ගල වගේ කදු ටිකත් ලස්සනට බලාගන්න පුළුවන්. අපි ගිය ගමන් දිය ඇල්ල ලගින් හොද විවි එකක් තියෙන තැනක් හොයාගෙන ටෙන්ට් එක ගහගත්තා. ටෙන්ට් එක ගහද්දි හොදට ලොකු ගල් හොයලා ලනු දාලා බදින්න. නැත්තම් රෑට තියෙන හුළගට ටෙන්ට් එක ගැලවෙන්න බලනවා. අපේ ටෙන්ට් එක 3 4 පාරක්ම ගැලවිලා හුළගට යන්න හැදුවා ඒ ටයිම් එකට එළියේ හිටියොත් ගහගෙන යන සයිස් එකේ හුලගක් එන්නේ.

ටෙන්ට් එක ගහලා කට්ටියම නාගෙන, පොඩි ගිනි මැලයකුත් ගහගෙන ගෙනාපු කොත්තු මී ටික උයාගෙන කාලා. නිදා ගත්තා රැ 8 විතර වෙද්දී. ටිකක් බලාගෙන හොදට ටෙන්ට් එක කවර කරගෙන නිදා ගන්න අපිත් එක්ක තවත් සෙට් එකක් ගිහින් එයාලගේ ටෙන්ට් එකට සර්පයෙක් අවා ඒ නිසා.

කන්ද බහින කොටස, 😰

කට්ටිය උදේ 6ට වගේ නැගිට්ටා. නැගිටලා තේකක් ගහලා කෙලින්ම 7.45 වගේ වෙද්දී බහින්න පටන් ගත්තා මේ තමයි අමාරුම කොටස. බහිද්දී තමයි තේරෙන්නේ බහින එක සැහෙන්න අමාරුයි කියලා. කන්දේ උඩ ඉදන් මීටර් 100ක් වගේ පහලට බිම ඉදගෙන තමයි බහින්න වෙන්නේ බිම රූට රූට 😁 ඇත්තටම ගැරඩි වගේ තමයි. අල්ලගන්න කිසිම දෙයක් නැ කකුල තියෙන ගල් ගැලවිලා යනවා. මේ ටිකේ අපේ බැග් එකකුත් හුළගට ගියා සැහෙන්න ලොකු හුලගක් එනවා. මේ වෙලාවට කන්දට ඇලිලා ඉන්න හිට ගන්න ගියොත් අපිට අපිව බැලන්ස් නැතුව යනවා.

කොම කොම හරි ලනු වලින් බහින තැනට අවා. එතනින් පහලට ලොකු අමාරුවක් නැහැ බහින්න ඉක්මනට ඉක්මනට බණ්ඩා මාමගේ පැල ලගට එන්න පුළුවන්.

දවල් 12.30 වෙද්දී අපි මුලින්ම අපිට කන්ද නගින තැන හම්බෙන දේවාලය ලගට අවා. එතන පොඩි දිය පහරෙන් (පීල්ලක්) එතනින් නාගෙන. කෙලින්ම දවල් 1.30 වෙද්දී හෝටලයට ගියා. අන්තිම බස් එකත් තියෙන්නේ දවල් 1.30 ට. අපි කෑම ගත්ත හොටලේයෙන්ම එදා දවල්ටත් කළා. එතන ඉදන් ට්‍රිවිල් එකකින් උඩදුම්බරට අවා. මේ ට්‍රිවිල් එකේ අයියත් හරිම හොදයි අපි 5 දෙනාගෙන්ම පොඩි ගානක් ගත්තේ. 😌

උඩදුම්බර ඉදලා නම් නුවරට බස් තියෙනවා ඒ නිසා අවුලක් නැ, උඩදුම්බර ඉදන් නුවරට පැය දෙකක් වගේ යනවා... 😌

ඉතුරු කතාව ෆොටෝස් වල. අනිවාර්යෙන්ම ෆොටෝස් ටික බලන්න. 😘😘

🛑 සැ.යු:

01. මේ හයික් එකේ කැම්පින් කරනවා නම් පාන්දර 5.55AM ට්‍රෙන් එකේ ගිහින් උනත් නගින්න වෙලාව තියෙනවා. එහම ආපු අය හිටියා.

02. ගන්න තියෙන බඩු ඔක්කම කොලබින් හරි ඊට කලින් දවසේ හරි අරන් තියා ගන්න. උඩදුම්බර කඩවල් ඇරලා තිබ්බේ නැ උදේ ගොඩක් ඒවා.

03. පහේ කණුවේ තියෙන හෝටලයෙන් අනිවාර්යෙන් කෑම ඔර්ඩර් එක කලින් දාගන්න කෝල් කරලා මාර රහයි අපි ගත්තේ එළවලු කෑම. පොඩි නංගි කෙනෙක් ඒ කඩේත් කරන්නේ.

04. යන්න කලින් බණ්ඩා මාමාගෙන් එහේ විස්තරය අහගන්න මේ දවස් වල මොකද තත්වේ කියලා. 071 140 8411 මේක තමයි බණ්ඩා මාමගේ නම්බර් එක. කෝල් කරලා හෝටලයේ අයියගේ නම්බරයත් ඉල්ලගෙන ඒ විස්තර ටික දැනගන්න පුළුවන්.

05.වතුර අරන් යන්න පහල ඉදන්ම ඇල්ලේ වතුර තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැ එක ලොකුවට.

Comments

Join the discussion on Facebook
water_dropChasing Sri Lanka's waterfalls

Journeys to find
places no one
knows about
ලස්සන තැන් හොයාගෙන
යන ගමන්

Waterfalls, mountains, lakes and quiet villages — every journey with its full story, route and photos.

search

Latest articles

Travel vLogs 🎥

Watch the journey videos here — footage from right beside the falls.

play_circle
Elvi Madushanka

Elvi Madushanka

Sri Lankan travel content creator documenting hidden waterfalls and unexplored destinations through cinematic videos and photography.

All articles

Pick your journey here — no endless scrolling needed.

search

Travel vLogs 🎥

Videos from the journeys — footage from right beside the falls.

Elvi Madushanka — Sri Lankan travel content creator

Elvi Madushanka

Travel Content Creator • Cinematic Storyteller • Photographer • Travel Vlogger

Dananja Madushanka Elvitigala, known as Elvi Madushanka, is a Sri Lankan travel content creator, cinematic storyteller, photographer and travel vlogger based in Talawatugoda, Colombo. Born on March 28, 1998, Elvi is widely recognized for documenting the hidden natural beauty of Sri Lanka through cinematic travel videos, photography and story-driven content.

His work mainly focuses on waterfalls, hiking adventures, rivers, mountains, forests, remote villages and unexplored travel destinations around Sri Lanka. With a passion for adventure and visual storytelling, Elvi creates travel experiences that combine nature, culture and emotional cinematic storytelling — often highlighting hidden waterfalls, scenic landscapes, local travel experiences and lesser-known locations that many travelers have never seen before.

Over the years, Elvi Madushanka has built a growing audience across YouTube, Facebook, Instagram, TikTok and X (Twitter), where he shares travel documentaries, short cinematic reels, travel photography and adventure content. This blog brings his waterfall journeys together in one place — every trip with its full story, route and photos.

Professional Information

Known As
Elvi Madushanka
Full Name
Dananja Madushanka Elvitigala
Nationality
Sri Lankan
Birth Date
March 28, 1998
Based In
Talawatugoda, Colombo, Sri Lanka

Social Media Profiles

0
Articles
0
Waterfalls
🇱🇰
Across Sri Lanka

Contact

Questions about a trip, or a suggestion — let me know.

Send a message

(This opens your email app — activated once an email address is added.)