Home  /  Articles  /  මන්දරාම්නුවර
මන්දරාම්නුවර2025 මැයි 29

මන්දාරම් නුවර යන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ දේවල් දැනගෙන යන්න

හේවාහැට Hewaheta Eastland View Point එක
හේවාහැට Hewaheta Eastland View Point එක

මන්දාරම් නුවර යන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ දේවල් දැනගෙන යන්න 👉🤗

මේ ගමන පිටත් වෙන්න කලින් මම මන්දාරම් නුවර ගැන ආර්ටිකල් ගොඩක් කියවලා, දවස් දෙකකට plan එකක් හදාගත්තා. අපි මේ ගමන පිටත් උනේ වෙසක් පෝය දවසේ කොලබින් පාන්දර 3ට විතර අපි නුවරට යද්දී උදේ 5.30 වගේ උනා, නුවර ඉදන් පදියපෙලෙල්ල (Padiyapelella) උදේ 7.30 වගේ උනා, අපේ ගමන පටන් ගන්නේ පදියපෙලෙල්ල (Padiyapelella) කියන ගමෙන්.

🔴 පහල තියෙන පින්තුර වල සියලුම විස්තර තියෙනවා, ඒ අදාළ location එක පිලිබදව, ඉස්සරහට මේ හැම ලොකේෂන් එකකම video එකකුත් අරන් එන්නම්.

👉 පලවෙනි දවස, 👇

මුලින්ම අපිට හම්බෙන්නේ පදියපෙලෙල්ලට යද්දීම මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls), මේක තියෙන්නේ ටවුන් එකෙන් මන්දාරම්නුවර පාරට හරවද්දී මයි, මේක හරිම පොඩි ඇල්ලක්, එත් එතනින් යන ඕන කෙනෙක් නැවතිලා බලලා තමයි යන්නේ. පදියපෙලෙල්ල ටවුන් එකේ තියෙනවා ආරුක්කු පාලමක් ඒක තමයි දැනට බාවිතයේ පවතින පැරණිම ආරුක්කු පාලම් වලින් එකක්, ඉතින් අනිවාර්යෙන්ම මේකත් බලලා යන්න. මහකඳුර ඇල්ලේ ඉදන් මන්දාරම් නුවර ටවුන් එකට කිලෝමීටර් 11ක් විතර තියෙනවා. මෙතැන ඉදන් මන්දාරම්නුවරට යද්දී ගොඩක් දේවල් හම්බෙනවා බලන්න.

ඊට පස්සේ අපි ගියේ ඇතිනිවල ඇල්ල (Ethiniwala waterfall) බලන්න මේ ඇල්ල බලන්න යද්දී තවත් පොඩි පොඩි ඇලි සහ ලස්සන හෙල්මළු ක්‍රමයට වවපු කුබුරු වගේ දේවල් ගොඩක් බලාගන්න පුළුවන්. ඇතිනිවල ඇල්ල තියෙන්නේ ප්‍රදාන පාරේ ඉදන් මීටර් 30ක් 40ක් වගේ යද්දී, හරිම ලේසියෙන් යන්න පුළුවන් තැනක්. ඇතිනිවල ඇල්ල මීටර් 16ක් උසයි. ලස්සන view එකක් තියෙන ඇල්ලක්. මේ ඇල්ල තමයි අපිට පළවෙනියට හම්බෙන ටිකක් ලොකු ඇල්ල.

ඊට පස්සේ අපි ගියේ කබරගල ඇල්ල බලන්න, කබරගල ඇල්ලට ඇතිනිවල ඇල්ලේ ඉදන් කිලෝමීටර් 9ක් වගේ තියෙනවා. මේ පාර නම් මුල ටික හොදයි එත් අන්තිම ටිකේ යන්න බැ, බයික් එකෙත් ගියේ ගොඩක් අමාරුවෙන්, මේ හරියේ සෆාරි ජීප් තියෙනවා ඒවගේ උනත් යන්න පුළුවන්. Ground Clearance එක අඩු වාහන වල නම් යන්න එපා. මගට ගිහින් වාහනේ දාලා ඉතුරු ටික පයින් යන්න. කබරගල ඇල්ල මීටර් 25ක් වගේ උසයි. මේකට නම් ටිකක් උඩට නැගලා යන්න ඕනේ. ඇල්ල බලන්න. මේ ඇල්ල නිකම් දොළොස්බාගේ යද්දී හම්බෙන නළගන ඇල්ල වගේමයි.

කබරගල ඇල්ල බලලා අපි පහලට එද්දී, අපිට හම්බෙනවා කලුපාලම් ඇල්ල , කබරගල ගිහින් එද්දී වමට හරවන්න තැනක් තියෙනවා ඒ හරියේ බෝඩ් එකක් එහෙම ගහලා තියෙනවා. එතනින් පහලට ගියාම අපිට ලස්සන ෆයිනස් කැලයක් එක්ක කළුපාලම් ඇල්ල හම්බෙනවා. මේකත පොඩි ඇල්ලක් ඒ වගේම හොදට නාන්න එහෙම පුළුවන් සුන්දර තැනක්. කලුපාලම් ඇල්ල පහු කරගෙන උඩට යද්දී අපිට ලස්සන ෆයිනස් කැලයක් හම්බෙනවා, මේ ඇල්ලට යනවා නම් අනිවාර්යෙන්ම ඒ ෆයිනස් කැලයටත් ගිහින් යන්න.

ඊට පස්සේ අපි ගියේ මන්දාරම් නුවර Viewpoint එකට, විව්පොයින්ට් එකට යද්දී අපිට මන්දාරම් නුවර පන්සල හම්බෙනවා එතැනත් ලස්සන තැනක්, මන්දාරම් නුවර viewpoint එකට යද්දී අපිට දන්සල් ගොඩක් එහෙමත් හම්බුනා. viewpoint එක ලගත් fried rice බත් දන්සලක් තිබුනා. අපි කෑම කන්න කඩයක් හොයා හොයා යද්දී තමයි මේ දන්සල හම්බුනේ. දන්සල කරපු අයට ගොඩක් ස්තුති!

මන්දාරම් viewpoint එකට ගියාම අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පිදුරුතලාගල කන්ද, පිදුරුතලාගල උඩ තියෙන RADAR station එක එහම ලස්සනට පේනවා.

අපි දවල්ටත් කාලා දවල් 2ට විතර පිටත් උනේ කටුවැරැල්ල දිය ඇල්ලට (Katuwerella Water Fall), viewpoint එකේ ඉදන් කිලෝමීටර් 6ක් වගේ තියෙනවා. මේ ඇල්ල නම් ගූගල් මැප් එකේ පාරක් පෙන්වන්නේ නැ. ගූගල් මැප් එක තාම update වෙලා නැ, එත් පාර තියෙනවා. යන්න පුළුවන් බයික් සහ ත්‍රීවිල් වගේ වාහන වලට විතරයි ඒවගේ ගිහිනුත් කිලෝමීටරයක් වගේ පයින් යන්නත් වෙනවා. මේ පාර ගොඩක් කැලේ වැවිලා නිසා කවුරුත් යන්නේ නැ.

එත් මේක අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ අල්ලක් කවුරුත් යන්නේ නැති නිසාද මන්දා ඒ හරිය කිසිම සද්දයක් නැ. ඇල්ල කැලෙන් වට වෙලා ගොඩක් ලස්සනයි සහ නිදහස්, ප්‍රදාන පාරේ ඉදන් කිලෝමීටර් 3ක් වගේ තියෙන්නේ පයින් ගියත් පාඩුවක් නැහැ.

ඊට පස්සේ අපි ගියේ කුරුඳු ඔය ඇල්ලට (Kurundu Oya Ella Falls) මේ ඇල්ල ඇත්තටම අයිති වෙන්නේ වලපනේට. කුරුඳු ඔය ඇල්ලට යද්දී යන්න තියෙන්නේ Highforest හරහා. Highforest කියන්නේ නුවර එලියට යන පැත්තට තමයි අපි මේ යන්නනේ. ඉතින් Highforest වලට යද්දී අපිට තවත් ලස්සන viewpoint එහම හම්බෙනවා. මම දැක්ක ලස්සනම පාරවල් වලින් එකක් මන්දාරම් නුවර ඉදන් නුවර එලියට යද්දී හම්බෙන ඒ පාර. කන්දක් මුදුනෙන් කන්දේ edge එකෙන් තමයි මේ පාර හදලා තියෙන්නේ. මේ පාර නම් කාපට් පාරක්.

කුරුඳු ඔය ඇල්ලට අල්ලට යද්දී තව හම්බෙනවා "ගල උඩ පන්සල" එත් අපිට වෙලාව මදි උන නිසා අපි මේ පන්සලට ගියේ නැ එත් කුරුඳු ඔය ඇල්ලට යද්දී දුරින් පේනවා මේ පන්සල එකත් කන්දක් මුදුනේ තියෙන ලස්සන පන්සලක්. කුරුඳු ඔය ඇල්ලට අල්ලට යන්න ඕනේ ලියන්වෙල පාර දිගේ, Highforest ටවුන් එකට කලින් හම්බෙනවා "අරුණෝදයා හින්දු විදුහල" මෙතැනින් පහලට ඉස්කෝලේ පාරේ යන්න ඕනේ මේ පාරේ කිලෝමීටර් 3ක් වගේ ගිහින් දමිල ගම්මානයක් හම්බෙනවා ඒ ගමෙන් පාර ඉවරයි එතන ඉදන් පයින් යන්න ඕනේ.

මේ පයින් යන පාර නම් ගොඩක් අවදානම් මොකද හරියටම කන්දේ edge එකෙන් තමයි පහලට බහින්න තියෙන්නේ. යන අය ගොඩක් පරිස්සමෙන් යන්න. ඇල්ල ලගටම බහින්න පුළුවන්ද දන්නේ නැ. එත් අපි බැස්සේ බාගයක් වගේ මොකද අපි මේ ඇල්ලට යද්දී හවස 5.30 වගේ මිදුමයි කලුවරෙන් වැහිලා ඉවරයි. මේ පැත්ත ඉක්මනට කළුවර වෙනවා කදු වලින් වට වෙලා තියෙන නිසා.

කුරුදු ඔය ඇල්ල කියන්නේ මීටර් 189 විතර උස දිය ඇල්ලක් අපේ ගමනේ අපිට හම්බුනා උසම දිය ඇල්ල, මේකේ පතුලේ ඉදන් මුදුන පෙන්නේ නැ, ඒ නිසා පතුලටම ගිහිනුත් සම්පුර්ණ ඇල්ල බලාගන්න විදිහක් නැ, ඒ නිසා අපි කන්දේ බාගයක් විතර බැහැලා ඇල්ල බලලා හවස 6.30 වෙද්දී දමිල ගම්මානයට අවා.

පලවෙනි දවස ඔතනින් නිමා උනා, Highforest ටවුන් එකෙන් අපි රෑට කන්නත් අරගෙන, අපි නවතින්න කතා කරපු "Ambasewana Resort Mandaramnuwara (අඹ සෙවන) " resort එකට ගියා. අඹ සෙවන Resort එක කියන්නේ 360 view එකක් බලාගන්න පුළුවන් තැනක් මන්දාරම් නුවර ටවුන් එකම පේනවා මෙතැනට. ගනම් එහෙම හරිම සාදාරනයි. ඉතින් අපි ගොඩක් රැ වෙලා ගිය නිසා අපිට view එක බලාගන්න පුළුවන් උනේ පහුවාදා උදේ.

👉 දෙවැනි දවස 👇

උදේ 7ට විතර අපි ඇහැරිලා, 8.30 වගේ වෙද්දී අපි පිටත් උනා resort එකෙන් කොලපතාන ඇල්ල (Kolapathana Waterfall) බලන්න. මේක පලවෙනි දවසේ දාගත්තේ නැත්තේ, මේ ඇල්ල තමයි මන්දාරම් නුවර ගොඩක් ප්‍රසිද්ද හැම කෙනෙක්ම යන ඇල්ල. ඉතින් පලවෙනි දවසේ අපි දවල් වෙලා ගියොත් ගොඩක් සෙනග ඉන්න පුළුවන් නිසා තමයි දෙවැනි දවසේ උදෙන්ම දාගත්තේ ඒ වගේම මේ ඇල්ල ලගයි අපි නැවතිලා ඉදපු අඹ සෙවන Resort එකත් තියෙන්නේ, ඇල්ලට ලග නිසා තමයි අපි අඹ සෙවන Resort එක තෝරාගත්තේ.

කොලපතාන ඇල්ල කියන්නේ මීටර් 70ක් විතර උස ලස්සන දිය ඇල්ලක්, මේ අල්ලා කෑලි 3කට වැටෙන්නේ, ඒ නිසා වෙනම ලස්සනක් තියෙනවා. ප්‍රදාන පාරේ ඉදන් කිලෝමීටර් 2ක් වගේ පයින් යන්න ඕනේ, මේ ඇල්ලට යද්දීම කොඩිආරාගල කන්දටත් (Kodiaragala Mountain Peak) මේ කන්දටත් යන්න පුළුවන්, එත් මේ ගමන පැය 4ක වගේ හයික් එකක්. අපි කොඩිආරාගල කන්දටත් යන්න හිටියේ එත් අපිට තියෙන වෙලාවත් එක්ක අපි ඒ ගමන ගියේ නැ.

කොලපතාන ඇල්ලත් බලලා උදේ 10ට වගේ අපි පිටත් උනේ Eastland View Point එකට, දැන් අපි ආයෙත් යන්න තියෙන්නේ පදියපෙලෙල්ල ටවුන් එකටම තමයි. හැබැයි අපි ආව පාරේම නෙවෙයි පදියපෙලෙල්ල ටවුන් එකට යන්නේ. මන්දාරම් නුවර ටවුන් එකෙන් ඉදන් පහලට එද්දී දකුණට හරවන්න පාරක් තියෙනවා ඒ පාරේ නමක් දන්නෙ නැ, මම එත් කමෙන්ට් වල හරවන්න ඕනේ තැන ෆොටෝ එකක් දාලා තියෙනවා.

මේ පාරෙන් පදියපෙලෙල්ලට එන්න හේතුව මේ පාරෙන් එද්දී තවත් ලස්සන දිය ඇල්ලක් අපිට හම්බෙනවා. ඒ තමයි "හවරි ඇල්ල" මන්දාරම්නුවර ඉදන් කිලෝමීටර් 3ක් වගේ යද්දී තමයි මේ ඇල්ල හම්බෙන්නේ. හවරියන් වගේ වැටෙන ලස්සන ඇල්ලක්.මේකත් සාමාන්යෙන් මීටර් 30ක් වගේ උස දීය ඇල්ලක්. මේ දිය ඇල්ලත් බලලා අපි පිටත් උනේ පදියපෙලෙල්ල හරහා රිකිල්ලගස්කද ටවුන් එකට, එතනින් අපි දවල්ට කෑම අරගෙන Eastland View Point එකට,

රිකිල්ලගස්කද ටවුන් එකේ ඉදන් හේවාහැට (Hewaheta Eastland View Point) එකට කිලෝමීටර් 30ක් විතර තියෙනවා. සහ අන්තිම කිලෝමීටර් 7 වගේ ටිකක් අමාරුයි මේ පාරේ යන්න. හේවාහැට Eastland View Point එක ගොඩක් ප්‍රසිද්ද කැම්පින් වලට, මේක උඩට ගියාම 360 view එකක් පේනවා, වික්ටෝරිය ජලාශය, තව ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ලස්සනම viewpoint එකක් මම දැකපු, පාර අමාරු උනත් යන්න ඕනේ තැනක්.

Eastland View Point එකේ ඉදන් අපි දවල්ට කෑවා ඊට පස්සේ, Eastland විව්පොයින්ට් එකෙන් පහලට ගියාම තව ටිකක් අපිට Eastland ලෝකාන්තය බලාගන්න පුළුවන්. දෙමල ගම්මානයක් මැද්දෙන් යන්න තියෙන්නේ මේ පුංචි ලෝකාන්තයට, ගල් තලාවක් එක්ක පැත්තකින් දිය අල්ලකුත් වැටෙනවා,

ඊට පස්සේ පිටත් උනේ Eastland වල ඉදන් කොණ්ඩගල කන්දට, Eastland වල ඉදන් කිලෝමීටර් 30ක් විතර තියෙනවා කොන්ඩගලට. කොණ්ඩ ගලට යන පාර නම් ටිකක් අමාරුයි යන්න එත් අපි ගියපු වෙලාවත් එක්ක අපිට කොණ්ඩගල නගින්න බැරි උනා, එත් අපිට කොණ්ඩගල යද්දී හම්බෙන ජේම්ස් ටේලර්ගේ ආසනය (James Taylor's Seat) එකට යන්න පුළුවන් උනා, මේකත් හපුතලේ තියෙන lipton seat එක වගේ තැනක්, ලස්සන view එකක් තියෙනවා. අපි මෙතැනට හවස 6ට වගේ ගියපු නිසා හරිය view එකක් බලාගන්න බැරි උනා.

James Taylor's Seat එකත් බලලා අපි ගලහා හරහා නුවරට ආවා නුවරට එද්දී රැ 9 වගේ උනා, නුවරින් කොලබට එද්දී පාන්දර 1 වගේ උනා, එතනින් අපේ ගමන නිමා උනා.

මන්දාරම් නුවර තව මග හැරුණු තැන්, ගොඩක් ඇති ඒ පැත්තේ අය පුලුවන්නම් තව යන්න පුළුවන් තැන් කමෙන්ට් එකක් දාන්න.

🔴 පහල තියෙන ෆොටෝස් ටික අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒ ටිකේ ලොකේෂන් වල නම් සහ ඒවාට ආදාල විස්තර සියල්ලම තියෙනවා.

🔴 මේ ගමන යන කෙනෙක් ඉන්නවා නම්, ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ගූගල් මැප් එකේ ඔක්කම ලොකේෂන් ටික එවන්නම්.

🔴 පේජ් එකත් Follow කරන්න අමතක කරන්න එපා!

#elvi #elvimadushanka #kandy #mandaram #mandaramnuwara #nuwara #nuvara #Ethiniwala #waterfall #Katuwerella #EastlandViewPoint #Eastland #මන්දාරම්නුවර #මන්දාරම් #නුවර #Kolapathana #JamesTaylorSeat

Comments

Join the discussion on Facebook
water_dropChasing Sri Lanka's waterfalls

Journeys to find
places no one
knows about
ලස්සන තැන් හොයාගෙන
යන ගමන්

Waterfalls, mountains, lakes and quiet villages — every journey with its full story, route and photos.

search

Latest articles

Travel vLogs 🎥

Watch the journey videos here — footage from right beside the falls.

play_circle
Elvi Madushanka

Elvi Madushanka

Sri Lankan travel content creator documenting hidden waterfalls and unexplored destinations through cinematic videos and photography.

All articles

Pick your journey here — no endless scrolling needed.

search

Travel vLogs 🎥

Videos from the journeys — footage from right beside the falls.

Elvi Madushanka — Sri Lankan travel content creator

Elvi Madushanka

Travel Content Creator • Cinematic Storyteller • Photographer • Travel Vlogger

Dananja Madushanka Elvitigala, known as Elvi Madushanka, is a Sri Lankan travel content creator, cinematic storyteller, photographer and travel vlogger based in Talawatugoda, Colombo. Born on March 28, 1998, Elvi is widely recognized for documenting the hidden natural beauty of Sri Lanka through cinematic travel videos, photography and story-driven content.

His work mainly focuses on waterfalls, hiking adventures, rivers, mountains, forests, remote villages and unexplored travel destinations around Sri Lanka. With a passion for adventure and visual storytelling, Elvi creates travel experiences that combine nature, culture and emotional cinematic storytelling — often highlighting hidden waterfalls, scenic landscapes, local travel experiences and lesser-known locations that many travelers have never seen before.

Over the years, Elvi Madushanka has built a growing audience across YouTube, Facebook, Instagram, TikTok and X (Twitter), where he shares travel documentaries, short cinematic reels, travel photography and adventure content. This blog brings his waterfall journeys together in one place — every trip with its full story, route and photos.

Professional Information

Known As
Elvi Madushanka
Full Name
Dananja Madushanka Elvitigala
Nationality
Sri Lankan
Birth Date
March 28, 1998
Based In
Talawatugoda, Colombo, Sri Lanka

Social Media Profiles

0
Articles
0
Waterfalls
🇱🇰
Across Sri Lanka

Contact

Questions about a trip, or a suggestion — let me know.

Send a message

(This opens your email app — activated once an email address is added.)