තනියම අවාරේ එරන්ත පාරෙන් සිරිපා කරුණා කරපු ඒ එක්ස්පිරියන්ස් එක😍
කොලබින් ගියේ පාන්දර 4ට වගේ එරන්තට යද්දී උදේ 6.30 වගේ උනා, පර්සනල් වාහනයක ගියේ ඒ නිසා තමයි ගොඩක් ඉක්මනට යන්න පුළුවන් උනේ.😇
7ට වගේ ගමන පටන් ගත්තා, අඩවිකන්දේ ඉදන් ජම්බෝල ගහ යට අම්බලමට නම් විනාඩි 30ක් වගේ ඇතුලත ගියා, ඊට පස්සේ පහලට වැටෙන දිය ඇලි වල සහ කුරුගගේ ටිකක් වෙලා ඉදලා වර්නගලට යද්දී 10 වගේ උනා..😇
වර්ණගලින් 10.30ට සිත ගගුලට යන්න පටන් ගත්තා සිතා ගගුලට යද්දී වෙලාව 12 වගේ උනා, එතනින් නාලා, කාලා බිලා, 2ට වගේ ගමන පටන් ගත්තා ආයෙත්,😍
ඊලග නැවතුම හැරමිටිපාන (රත්නපුර පාරයි එරන්ත පාරයි එකට හම්බෙන තැන) හරමිපානට යද්දී හවස 5 වගේ උනා, එතනත් විනාඩි 30ක වගේ විවේකයක් අරන්, ආයෙත් පටන් ගත්තා ගමන,😇
මගේ ප්ලැන් එක උනේ රත්නපුර පාරේ අනිත්මට හම්බෙන කඩේ (ඇහැල කණුවේ කඩේ) නැවතිලා එතන ඉදලා පහුවදා පාන්දර මළුවට යන්න,😍
ආඬියාමල තැන්න අම්බලමත් පහු කරගෙන උඩට යද්දී හම්බෙන කඩේ තිබ්බේ නැහැ, එතනට යද්දී වෙලාව රෑ 7යි වගේ මුකුත් පෙන්නේ නැහැ, ගණ මිදුම නිසා,😨 මේ කඩේ නැත්තම් උඩ කඩෙත් තියෙන්න විදිහක් නැහැ කියලා ආයෙත් කළුවරේම ෆෝන් එකේ ටෝච් එකෙන් පහලට බැස්සා ආඬියාමල තැන්න අම්බලමට, 😍
පහලට එද්දී රෑ 8ට ලගයි මිදුමයි වැස්සයි සීතලයි කළුවරයි මිනිස් පුළුටක් වත් නැ සත්තුන්ගේ සද්ද විතරයි <3 😍
ආඬියාමල තැන්න අම්බලමට ඇවිත් ඇතුලේ ගිනි මැල ගහපුවා තිබ්බා කලින් ගිය අය සමහර දර එහම තෙත් වෙලා තිබ්බේ නැහැ, මමත් දර කැලි ටිකක් එකතු කරගෙන එහෙන් මෙහෙන් අටවාගෙන පත්තු කරගත්තා පොඩි ගිනි මැලයක් එතන ඉදන් රෑට ගෙනිච්ච පාන් කාලා, බිම පොඩි නින්දක් දාගෙන හිටියා 😇
එත් පැය 3ක් 4ක් වගේ යද්දී එකම තැන ඉන්න නිසා ඉවසන්න පුළුවන් සිතලය්ක් නම් නෙවෙයි තිබ්බේ මගේ රැව්ලේ අයිස් පවා මිදිලා වගේ මට නිකම් තේරුනා, කොම හරි ඉවසෙන පාන්දර 4.45 වෙනකම් ඉදාලා,🥹
කෙලින්ම මළුවට යන්න පටන් ගත්තා, මළුවට යද්දී පාර නම් ගොඩක් කැලෙන් වට වෙලා සාමහර තැන් වල පඩිපෙළ දිගේ යන්න බැහැ, කොම කෝම හරි උදේ 5.30 වගේ වෙද්දී එලිය වැටුනා එලිය වැටුනට පස්සේ නම් අවුලක් නැහැ, 6 වගේ වෙද්දී මළුවට යන්න පුළුවන් උනා.😌
මළුවේ හිටියේ මමයි මළුව බලාගන්න අයියයි, සතියේ මැද දවසක් නිසා අවාරේ එන අය අඩුයි එයාගෙන් උණු වතුර එකකුත් ඉල්ලන් බිලා, 6.30 වගේ පහලට බැස්සා, ආයෙත් මම එරන්තට අවා හවස 2.30 වෙද්දී.. එද්දී නම් සිතා ගගුලෙන් නැවේ නැහැ, මොකද එද්දී උඩ ඉදන් පහලටම වහිනවා, යද්දී තැනින් තැන වැස්සේ. 😍
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල අනිවාර්යෙන් බලන්න <3 අන්තිම වෙනකම් බලන්න පුදුම වෙයි 😍
😘 පේජ් එකත් අනිවාර්යෙන් follow කරන්න 😘
සැයු:
> හොද එළියක් තියෙන ටෝච් එකක් අරගෙන යන්න. > හොද පවර්බෑන්ක් එකක් අරන් යන්න. > ගින්දර ගෙනියන වනම් ලයිටර් එකක් වගේ අරන් යන්න. > වතුර ගෙනියන්න සාමාන්යෙන් වාරේ යනවා වගේ හැමතැනම වතුර නැහැ. > වාර කාලෙට වඩා උඩ සීතලයි, හුලගයි ඒ නිසා හොදට සීතලෙන් කවර වෙන්න පුළුවන් ඇදුම්, ජැකට් අරන් යන්න. > එරන්ත පාරෙන් යනවා නම් කළුවර වෙන්න කලින් අඩුම හැරමිටිපානට වත් යන්න. (ඇයි කියලා අහන්න එපා) > හොද සපත්තු, සෙරප්පු දෙකක් ලිස්සන්නේ නැති දෙකක් දාගෙන යන්න එරන්ත පාරෙන් යනවා නම් මොකද ගල් වැස්සට තෙමිලා තෙමිලා ලිස්සනවා >කැම්ප් කරනවා නම් ටෙන්ට් එකක් අනිවාර්යෙන් ගෙනියන්න. >බෙහෙත්, තුවාලයක් උනොත් දාගන්න පුළුවන් දේවල් අරන් යන්න.































