ලංකාවේ ලස්සනම ගමක් වන සුරියකන්ද ❤ තනියෙන් උනත් යන්න පුළුවන් ගමනක් 😍
සුරියන්කන්ද මේ ලස්සන ගම තියෙන්නේ පැල්මඩුල්ලෙන් රක්වාන පැත්තට, රක්වාන කියන ගමෙන් උඩ ❤ සුරියකන්ද වංගු 10 කිව්වම ගොඩක් දෙනෙක් දන්නවා ඇති ❤ බස් එකේ උනත් මේ ගමන යන්න පුළුවන්, වාහන වල උනත් යන්න පුළුවන් පාර යන්න පුළුවන් තත්වේ තියෙනවා. 😍
මේ ගමනේදී ගොඩක් දිය ඇලි ඒ වගේම ලස්සන විව් පොයින්ට් හම්බෙනවා ❤
සුරියකන්ද කියන්නේ හරියට දොළොස්බාගේ වගේ vibe එකක් තියෙන පළාතක් 🌦 දිය ඇලි තියෙනවා ඕන තරම් නාන්න කරන්න 😍
ඒ වගේම ඒ පැත්තම ටිකක් හුලග වැඩි පැත්තක් හුලන් වංගුව කියලා වන්ගුවකුත් හම්බෙනවා ගමේ කෙනෙක් කිව්වේ ඕනෑම වෙලාවක එතන හුලගලු 😍 කොලබ ඉදන් දවසෙන් ඕන කෙනෙක්ට ඇවිදලා එන්න පුළුවන් වෙලාව ඇති දවසෙන් ගිහින් එන්න. 😌
සුරියකන්ද වංගු 10 😍 නිකම් 18 වන්ගුවේ mini version එක වගේ. සිංහරාජ වනාන්තරය 🥺 මැද්දෙන් යන්න තියෙන්නේ සුරියකන්දට 🥰 හරියට හොල්මන් ෆිල්ම් එකක පාරවල් වගේ පාන්දර 6ට වගේ මම ගියේ ඒ ටයිම් එකට ගොඩක් පාලුයි මුළු පළාතම.
මේ වගේ තව පොස්ට් ඇති පේජ් එකේ Elvi Madushanka Follow කරලා සෙට් වෙන්න...
day out එකකට සුපිරි පැත්තක් ගොඩක් ලස්සන හෝටෙල්ස් එහමත් තියෙනවා සුරියකන්දේ. ඒ වගේම බලන්න ගොඩක් දේවල් තියෙනවා රක්වානේ ටවුන් එකටම ලස්සන දිය ඇල්ලක් පේනවා 💧 හදපාන් ඇල්ල වගේ දේවල් ඔක්කම ලග තියෙන්නේ.
හදපාන් අල්ලට ලගටම ගියා එත් මම තනියම නිසා ගමේ අය කිව්වා යන්න එපා කියලා මොකද මේ දවස් වල වැස්ස නිසා සෙනගත් නැති නිසා අලි ඉන්නවලු කැලේ එක නිසා තනියම ට්රැවල් කරනවා නම් පොඩ්ඩක් ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඒ පැත්තේ ටිකක් අලි නිතරම ගැවසෙන පැත්තක්... 😥
ඉතුරු කතාව ඇති ෆොටෝස් වල ❤ ෆොටෝස් quality එක අඩු ඇති :(















