Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  යටියන්තොට
යටියන්තොට2026 අප්‍රේල් 17

අඩි 2800 උඩින් ජිවත් වෙන මිනිස්සු, ඕලූ ඇල්ලේ පටන් ගැන්ම සොයා ගිය ගමන

ඕළු ඇල්ල උඩ, මෙතැනින් තමයි මුලින්ම හරියට පහලට වැටෙන්නේ
ඕළු ඇල්ල උඩ, මෙතැනින් තමයි මුලින්ම හරියට පහලට වැටෙන්නේ

අඩි 2800 උඩින් ජිවත් වෙන මිනිස්සු 🥹 ඕලූ ඇල්ලේ පටන් ගැන්ම සොයා ගිය ගමන 😍

🔴 මුලින්ම කියන්න ඕනේ මේ ගමන යන අවසර නැතුව යන්න බැ, අපේ මිනිස්සු ගිහින් කැම්පින් කරලා, එතැන වලි දාගෙන එහෙම සීන් ටිකක් වෙලා, සම්පුර්ණයෙන්ම යන්න දෙන එක නවත්තලා තියෙන්නේ. ඒ නිසා යන්න කලින් අනිවර්ය්නෙම හල්ගොල්ල Tea Estate එකේ උසස් නිලදාරියෙක්ගෙන් අවසර ගන්න. නැත්තම් ගිහින් මගදී හැරිලා එන්න වෙන්නේ. මොකද පාර පටන් ගන්න තැන ඉදන්ම බෝර්ඩ් ගහලා තියෙනවා. අවසර නැතුව යන්න බැ කියලා. ⚠️

ගමන පටන් ගත්තේ කොළබින් උදේ 6ට විතර, මුලින්ම අපි ගියේ අවිස්සාවේල්ල හරහා යටියන්තොටට, එතැනින් කිතුල්ගල පැත්තට යද්දී ටික දුරක් වැලිහෙළතැන්න පාර හම්බෙනවා. මේ පාර දිගේ තමයි ගමන පටන් ගන්නේ. මේ පාරේ කිලෝමීටර් 1ක් 2ක් යද්දීම තනිකරම vibe එක වෙනස් වෙනවා. ලස්සන තේ වතු, කදු මැදින් තමයි මේ පාර පිහිටලා තියෙන්නේ. අපි ගිය දවසේ මිනිස්සු කවුරුත් හිටියේ නැ පාරේ නම්. මම දැකපු තවත් ලස්සනම පාරවල් වලින් එකක්.

මේ පාර පටන් ගන්න තැන ඉදන් අම්පාන ITN tower එකට සාමාන්යෙන් කිලෝමීටර් 24ක් වගේ තියෙනවා. මේ පාර මුල ටික හොදයි එත් අන්තිම ගොඩක් යන්න අමාරුයි, නාය ගිහින් කැඩිලා තියෙන්නේ. මේ පාරේ අපිට හම්බෙනවා පොල්පිටිය කියලා ගම්මානයක් එතැනින් ටිකක් එහාට වෙන්න හින්දු දේවාලයක් තියෙනවා එතැනට වෙනකම් වාහන වලින් යන්න පුළුවන් එතැනින් එහාට පයින් තමයි යන්න වෙන්නේ. එතන ඉදන් සාමාන්යෙන් මේ ගමන් පයින් ගියොත් කිලෝමීටර් 20ක් විතර අපිට ඇවිදින්න වෙනවා.

අපි යන දවසේ උදේ ඉදන් වැස්ස නිසා අපිට මේ ගමන ටිකක් අමාරු උනා. අපි හින්දු දේවාලය ලගින් වාහනය දාලා ගමන උදේ 9.30ට වගේ පටන් ගත්තා. එතැන ඉදන් ඉතින් පයින්ම ගමනක් තිබ්බේ. මේ පාරේ ලස්සන අසපුවකුත් තියෙනවා. දේවාලේ ලග ඉදන් අපි ගියේ වේවැල්තලාව ගම්මානයට, මේ ගම පිහිටලා තියෙන්නේ කන්ද මුදුනේ මුහුදු මට්ටමේ සිට ආදී 2800 උසයි

මේ ගමනේදී අපිට viewpoint එකක් සහ ලංකාවේ 6 වෙනියට උසම දිය ඇල්ල වන ඕලූ ඇල්ල පටන් ගන්න තැන, ඒ වගේම යටියන්තොටට අයිති වෙන ITN Tower එක බලාගන්න පුළුවන්.

ගමන අතර තුර ලස්සන ගල් තලාවක්, ලස්සන view එකක් තියෙන පාරක් බලාගන්න පුළුවන්. අපි මුලින්ම ගියේ හල්ගොල්ල Tea Estate එකට මෙතැන ලස්සන viewpoint එකක් තියෙනවා. අපිට පහලින් බලාගන්න පුළුවන් ඔළු ඇල්ල පුනුගල - sea forth පාර.

මේ viewpoint එක පහු කරගෙන පහලට ගියාම අපිට ඕලූ ඇල්ල මුලින්ම ඇද හැලෙන තැන බලාගන්න පුළුවන්. ඒ වගේ වවුල් ගුහාව කියලා එකකුත් තියෙනවා. ලස්සන එල්ලෙන පාලමකුත් එක්ක.

මේ දෙකම බලලා අපි යන්න තීරණය කලේ ආයෙත් වේවැල්තලාව ගම්මානයට ඇවිත් ITN towers තියෙන ආම්පනට එත් වැස්ස නිසා අපිට යන්න බැරි උනා. එතැනින් අපේ ගමන නිම කරලා ආයෙත් අපි වාහන දාලා ගියපු දේවාලය ලගට ආවා හවස 5 වගේ වෙද්දී.

⭕ කතාවේ ඉතුරු ටික location, සහ නම් ගම් සහිතව photos වල දාලා තියෙනවා. අනිවාර්යෙන්ම බලන්න.

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs