Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය2024 මාර්තු 2

කිලෝමීටර් 35ක් විතර පයින් ගියපු ගමනක්

ඔහිය ඉදන් හෝර්ටන් තැන්නට යන අතර මග
ඔහිය ඉදන් හෝර්ටන් තැන්නට යන අතර මග

කිලෝමීටර් 35ක් විතර පයින් ගියපු ගමනක් ❤🍀

කෙටියෙන් කිව්වොත් කොළබ > ඔහිය > ඔහියේ සිට පයින්ම හෝර්ටන් තැන්නට > හෝර්ටන් තැන්නේ සිට පයින්ම පට්ටිපොළට > කොළබ 😉

කොළබින් නයිට්මෙල් එකේ කෙලින්ම ඔහියට අපි, ඔහියෙන් බැහැලා උදේට කළා බිල මුහුණ හෝදගෙන හෝර්ටන් තැන්නට පිටත් උනා. හෝර්ටන් තැන්නට එද්දී අපි දවල් 11 වගේ උනා එද්දී ගොඩක් දේවල් බලාගන්න පුළුවන්, හෝර්ටන් තැන්නට ඇවිත් දවල්ට කළා හෝර්ටන් තැන්න වටේ රවුම ගිහින් අපි එලියට එද්දී 3ට විතර ඇති.❄️

පොඩි රෙස්ට් 1ක් අරගෙන 3.45 විතර වෙද්දී අපි පට්ටිපොළට යන්න පිටත් උනා. හෝර්ටන් තැන්නේ ඉදන් පට්ටිපොළට කිලෝමීටර් 11ක් වගේ තියෙනවා. අපි පට්ටිපොළට එද්දී හවස 6.30, විතර උනා. ආයෙත් පට්ටිපොලින් නයිට් මේල් එක අරගෙන කෙලින්ම අපි කොළබට පිටත් උනා. කොලබට එද්දී උදේ 5ට විතර ඇති.🌒

ඔහියේ ඉදන් හෝර්ටන් තැන්නට යද්දී ලස්සන පාරක් තියෙන්නේ, තව ලස්සන තැනිතලා ප්‍රදේශ හම්බෙනවා. හෝර්ටන් තැන්නේ ඉදන් පට්ටිපොළට එද්දිත් ඒ වගේම තමයි ගොඩක් ලස්සන පාරක් මීදුමෙන් වැහෙන, 🦏 එහම ගොඩක් රංචු පිටින් බලාගන්න පුළුවන්. 🦏

හෝර්ටන් තැන්න ඇතුලේ බලාගන්න පුළුවන් දේවල්, පුංචි ලෝකාන්තය, බෙලිහුල් ඔය, Great World's End Drop එක, Baker's ඇල්ල වගේ ගොඩක් දේවල්. 🌝

ඉතින් පයින් යන කෙනෙක් නම් ගොඩක් දේවල් ගැන දැන් සැලකිලිමත් වෙලා යන්න. මේ පොස්ට් එක දැන් අවුරුදු 2කට විතර කලින් දාන්න බැරි උන එකක්. කතාවේ ඉතුරු ටික පොස්ට් එකේ ෆොටෝස් වල ඇති.

🔴සැ.යූ අඩුම තරමේ හවස 6 වෙද්දී වත් පට්ටිපොළට යන්න බලාගෙන යන්න.🐆🐆

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs