Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව2023 සැප්තැම්බර් 3

කොළඹ ඉදන් දවසෙන් යන්න පුළුවන් සුපිරි ට්‍රිප් 07ක්

ගල්බොඩ ඇල්ල
ගල්බොඩ ඇල්ල

කොළඹ ඉදන් දවසෙන් යන්න පුළුවන් සුපිරි ට්‍රිප් 07ක් 😍

01. ගල්බොඩ දිය ඇල්ල - ලස්සන පරිසරයක තියෙන ලස්සනම දිය ඇල්ලක් තමයි. උදේ කෝච්චියේ ගිහින් හවස කෝච්චියේ කොළඹට එන්න පුළුවන්. සම්පුර්ණ පොස්ට් එක පේජ් එකේ තියෙනවා බලන්න. 🥰

02. අලගල්ල කන්දේ හයික් එක - මේක නම් ටිකක් අමාරු හයික් එකක් එත් යන්නම ඕනේ තැනක්. මේකත් උදේ කෝච්චියේ ගිහින් හවස් වෙද්දී එන්න පුළුවන්. ෆොටෝස් වල ඇති ලොකේෂන් වල නමුත් එක්ක. ❤

03. යකහාටුව ගල - අවිස්සාවේල්ලේ පිහිටලා තියෙන මේ කන්දත් ගොඩක් ලස්සන තැනක්, පොඩි වෙලාවකින් කන්ද නැගලා දවල් වෙද්දී බැහැලා අවිස්සාවේල්ලේ කුමාරි ඇල්ලෙන් නාලා, අවිස්සාවේල්ලේ සීතාවක පාර්ක් එකේ ඇවිදලා ගෙදර එන්න පුළුවන් බස් එකේ කෝච්චියේ ගිහින් මේ ඔක්කමට යන්න පුළුවන්. 🥹

04. දොළොස්බාගේ - දිය ඇලි පාරාදීසයක් වහින දවස් වලට. උදේම පිටත් උනොත් තේ වතු මැද්දෙන් ලස්සන විව් පොයින්ට් එකක් දිය ඇලී 5ක් 6ක් මේ පාර පුරාවට හම්බෙනවා. එන ගමන් ඔලු ඇල්ල හරහා අවොත් තවත් ලස්සන දිය ඇලී ගොඩක් බලන්න පුළුවන්. මේක නම් බස් එකක යන්න අමාරුයි දවසෙන්. තමන්ගේ වාහනයක යනවා නම් පුළුවන්. ☘️

05. කුරුවිට බෝපත් ඇල්ල - තවත් කොළඹ ඉදන් එක බස් එකක ගිහින් නලා කළා බිලා එන්න පුළුවන් ලස්සන තැනක්. 🌚

06. බෙන්තොට secret island - මේක නම් ලස්සනම beach එකක් මම දැකපු කොළඹ ලගම තියෙන. මේ secret island එක තියෙන්නේ මුහුද මැද්දට වෙන්න. බෝට්ටුවකින් තමයි යන්න ඕනේ.මේ පුංචි දුපතේ ලස්සන බාවනා කරන තැනකුත් තියෙනවා. සම්පුර්ණ පොස්ට් එක පේජ් එකේ ඇති අනිවාර්යෙන් බලන්න. 🌞

07. අමිතිරිගල ගොරකා ඇල්ල - පුගොඩ ඉදන් කිලෝමීටර් 5ක් වගේ දුරින් තියෙන්නේ මේ ඇල්ල කොළඹට ලගම තියෙන ඇල්ල මේක. කොලබ ඉදන් පැයෙන් යන්න පුළුවන්. ගම්පහ ඉදන් නම් පැය බාගයෙන් වගේ පුළුවන්. 💦

මේ ඔක්කම පොස්ට් වල ලින්ක් ටික පලවෙනි කමෙන්ට් එකේ ඇති. මතක් කරලා පේජ් එකත් Follow කරන්න. 😘😘

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs