ඕනම කෙනෙක්ට තනියෙන් උනත් යන්න පුළුවන් ට්රිප් එකක්❤😌
ලොකු බජට් එකක් නැතුව සාමන්ය වියදමකින් ගිහින් එන්න පුළුවන් ගමනක්, තමා ගල්බොඩ දිය ඇල්ල ❤ 😍 කොලබ ඉන්න කෙනෙක්ට නම් උදේ 5.55 බදුල්ලට යන කෝච්චියේ ගියා නම් ගල්බොඩ ස්ටේෂන් එකෙන් 10.30 වෙද්දී බහින්න පුළුවන්. ට්රෙන් එකේ 2nd class ටිකට් එකක් 300 වගේ වෙන්නේ. පැය 4.30 5ත් අතර කාලයක් ට්රෙන් එකේ යන්න වෙනවා.
ගල්බොඩ ස්ටේෂන් එකෙන් බැහැලා පයින් යන්න තියෙනවා දිය ඇල්ලට විනාඩි 30ක වගේ දුරක් දිය ඇල්ලට යන පාර නම් ගොඩක් ලස්සනයි. 🥺 11 වෙද්දී දිය ඇල්ල ලග, ආයෙත් ගල්බොඩ ඉදන් හවස 2.28 සහ 4.06 ට කොච්චි 2ක් තියෙනවා කොලබට ගොඩක් රැ වෙන්න කලින් ගෙදර එන්න ඕනේ නම් 2.28 එකේ අවොත් කොලබ කොටුවට රැ 7.30 වගේ වෙද්දී එන්න පුළුවන්. 😌
අපිට දිය ඇල්ල ලග පැය තුනක් වගේ කාලයක් තියෙනවා නාන්න අනම් මනම් ඔක්කම කරගන්න, ඒ වගේම ඇදුම් මාරු කරගන්න තැන් තියෙනවා ගැහැණු 👩🦰 පිරිමි 👨🦰 දෙගොල්ලටම ඒ පහසුකම් ඔක්කම තියෙනවා. දිය අල්ලට යද්දී ටිකට් එකක් ගන්නවා රුපියල් එක්කෙනෙක්ට 50යි.
කතාවේ ඉතුරු ටික පොටෝස් ටික අනිවාර්යෙන් බලන්න 😘
🔴 සැ.යූ:
01.කෝච්චියේ 2nd class ටිකට්ස් බුක් කරලා යන්න නැත්තම් හිටගෙන යන්න වෙන්නේ ගල්බොඩට එන්න වෙන්නෙත් එහම. ඒ තරම් සෙනග මොකද බස් ගාස්තු වැඩි නිසා හැමෝම යන්නේ ට්රෙන් එකේ. 😇
02.ගල්බොඩ කඩවල් මුකුත් නැහැ, එක නිසා කෑම බිම මෙහෙ ඉදන්ම අරන් යන්න වෙයි. 😭
03.ගල්බොඩ දිය ලග ඇල්ල වැල් පාලමක් තියෙනවා ඒක උඩ ගිහින් නටන්න එපා පාලම දෙපැත්තට පද්දන්න එපා. එදා ඇවිත් ඉදපු මල්ලිලා නංගිලා ටිකක් මේක පද්ද පද්ද දිව්වා 😞 එහම කරන්න එපා මේක වැඩි දවසක් තියෙන එකක් නැහැ මොකද පාලම ගොඩක් අබලම් තත්වයේ තියෙන්නේ.
#elvimadushanka #srilanka #travel #travelsrilanka #visitsrilanka #galboda #kandy #Galboda #galbodawaterfall











