මේ දවස් වල කොහේවත් යන්න වෙලාවක් නැති නිසා, කෘතිමව හදපු කැලයකට ගියා. 🌿
කැලණියේ Water World Sri Lanka එකට, මේක ඇතුලේ නම් මාළු ජාති නම් සැහෙන්න ප්රමාණයක් ඉන්නවා එක එක රටවල් වලට ආවේනික මාළු. මාළු ඇති කරන්න ආස කට්ටියට නම් හොද තැනක්. ඒ වගේම කුරුල්ලෝත් ඉන්නවා එයාලා නම් ගොඩක් ජාති නැහැ එත් අපි දැකලා නැති කුරුල්ලෝ ගොඩක් බලාගන්න පුළුවන්. 🐋
තව මේක ඇතුලේ Underwater Tunnel එකකුත් තියෙනවා. එත් එක මම හිතන් ඉදපු විදිහට නම් තිබුනේ නැ.🐠🐠
ඊට පස්සේ අපි ගියේ River Safari ඒකට, මේක තමයි මම මේකෙන් දැකපු හොදම දේ, අනිත් දේවල් ඔක්කම සාමාන්යයි. එත් River Safari එක නම් පොඩ්ඩක් අපිට වෙනම වයිබ් එකක් ගන්න පුළුවන් තැනක්. 🚣🚣 කෘතිමව හදපු පරිසර කලාප 4ක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපිව පොඩි බෝට්ටුවකින් මේ 4 ටම එක්කන් යනවා. මේක ඇතුලේ කෘතීමව හදපු දිය ඇලි ගංගා, ඒ යන ගමන් සත්තු වටේට ඉන්නවා. මේක නම් ටිකක් වෙනස් අත්දැකීමක් කොලබ ඇතුලේ ගන්න පුළුවන්.මේ ඔක්කම බලන්න පැය 3-4 ත් වගේ කාලයක් යන්නේ ඉතින්. 😍
ඊට පස්සේ කෙලින්ම කන්න ගියේ ඒ ලගම තියෙන Salt & Sugar Restaurant එකට, එකේ කෑම නම් ඇත්තටම රහයි සහ අපිට හොද සර්විස් එකක් දුන්නා. කෑම ලොකු ගානක් වෙන්නේ නැ. බජට් එකට සරිලන විදිහට හැමදේම තියෙනවා. ඒ විතරයි නෙවෙයි හොද ලොකේෂන් එකක් මේක ගස් වලින් වට කරලා හදපු දැකපු නිදහස් Restaurant එකක්. ඔයාලත් අනිවාර්යෙන්ම Water World ගියොත් මේකත් try කරලා බලන්න. 😋😋
#Aquarium #kelaniya #waterworld #water #world #kelaniyawaterworld #elvi #elvimadushanka #aquarium #fish #fishtank #aquascape #aquariumhobby #reef #aquascaping #freshwateraquarium #plantedtank #aquariumfish #aquariums #aquariumlife #tropicalfish #reeftank #plantedaquarium #aquariumsofinstagram #nature #freshwater #cichlids #fishkeeping #natureaquarium #coral





















