දියඇලි 7ක් විතර බලාගෙන 360 View එකක් බලන්න මාතලේ පැත්තට යමු! 😍
කලින් ගමනේදී ගියේ බොගවන්තලාව හරහා මස්කෙලියට, ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් දැන්ම පේජ් එකට ගිහින් බලන්න. මේ ගමනේදී යන්නේ නුවර ඉදන් කිලෝමීටර් 30ක් විතර යද්දී හම්බෙන හුළුගග පැත්තට. මේ ගමන අපි පිටත් උනේ කොලබින් පාන්දර 4ට විතර නුවර යද්දී උදේ 7.30 වගේ උනා, නුවර ඉදන් නාරම්පානව යද්දී උදේ 8.30 වගේ උනා. 🥰
මුලින්ම අපිට හම්බෙන්නේ හුළුගග නාරම්පනාව Bathing Place එක, ලස්සන පාලමක් සහ වෙල්යායක් එක්ක හුලුගග බලාගන්න පුළුවන් මෙතැනදී ගලාගෙන බහිනවා. නාන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මෙතැන. 💚
ඊට පස්සේ අපි ගියේ නාරම්පනාව ඇල්ලට මේක නම් හරිම පුංචි ඇල්ලක්, එත් කැලෙන් වට වෙලා කැලේ අස්සේ හැංගිලා තියෙන නිසා අමුතු ලස්සනක් තියෙනවා මෙතැන, ප්රදාන පාරේ ඉදන් ඇල්ලට කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනවා. මේ හරියේ ඔක්කම යන්න පුළුවන් බලන්න පුළුවන් තැන් බෝඩ් ගහලා තියෙනවා. පහල කමෙන්ට් වල ඇති ඒ බෝඩ් එකේ පින්තුරයකුත්. ඉතින් මේ ලස්සන ඇල්ලත් බලලා අපි පිටත් උනේ හුළුගගට. 🥰
හුළුගඟ ටවුන් එකේම තමා හුළුගග ඇල්ල තියෙන්නේ. මේක නම් බලන්න අමාරු නැ පඩි පේලියක් තියෙනවා ලස්සනට හදලා ඇල්ල පහලටම. ඉතින් ඕනෑම කෙනෙක්ට කිසිම අමාරුවක් නැතුව බලන්න පුළුවන්. ✨
ඊට පස්සේ අපි ගියේ තාලිය වැටුන ඇල්ල බලන්න, මේක බලන්න හුළුගග ටවුන් එකේ පාලම ලගින් වමට හැරිලා ආලෝක තේ වතු යාය මැද්දෙන් තමයි මේ ඇල්ලට යන්න තියෙන්නේ, මේකට යන පාර නම් ගොඩක් ලස්සන පාරක්, සහ මේ දිය ඇල්ලත් කොටස් දෙකකට වැටෙන ලස්සන ඇල්ලක්, මගේ gopro එකේ පොඩි ප්රශ්නයක් උන නිසා මේකට යද්දී ගත්ත ෆොටෝස් විඩියෝස් මුකුත් play වෙන්නේ නැ, ඒ නිසා මම යාළුවෙක් ඉල්ලා ගත්ත ෆොටෝස් වගයක් තමයි මේ පොස්ට් එකට එකතු කරලා තියෙන්නේ. 🥲
ඊට පස්සේ අපි පිටත් උනේ උදේ 11ට වගේ ජෝඩු ඇල්ල බලන්න, මේ ඔක්කම තියෙන්නේ ලග ලග ලොකු දුරක් නැ එක ඇල්ලක් ලග ඉදන් තවත් ඇල්ලට, ජෝඩු ඇල්ල කියන්නේ එකම ඇල්ල කොටස් දෙකකට බෙදිලා දෙපැත්තෙන් වැටෙන ලස්සන ඇල්ලක්, ඇල්ල පාමුලටම යන්න පුළුවන්, ලස්සන තේ වත්තක් මැද්දෙන් තමයි මේ ඇල්ලට යන්න තියෙන්නේ. මේ දිය ඇල්ල ලග ඉදන් දවල්ටත් අපි කළා පිටත් උනේ. 🍃
ලෙබනන් ඇල්ල බලන්න, ලෙබනන් ඇල්ල කියන්නේ ජෝඩු ඇල්ලේ ඉදන් කිලෝමීටර් 3ක් විතර යද්දී හම්බෙන තවත් ලස්සන ඇල්ලක්, ලෙබනන් ඇල්ලට යද්දී තවත් ඇල්ලක් ඊට කලින් හම්බෙනවා එත් ඒකට යන්න පාරක් නැ හරියට, ප්රදාන පාරේ ඉදන් බලන්න පුළුවන් ඒ ඇල්ලත්, ලෙබනන් ඇල්ල තියෙන්නේ ලෙබනන් තේ වතුයායේ මේ ඇල්ලටත් යන්න හරිම ලේසි, ඇල්ල ලගටම යන්න පුළුවන් ගල්තලාවක් එක්ක තියෙන ලස්සන ඇල්ලක්. 😍 💚
ඊට පස්සේ අපි දවල් 1 විතර පිටත් උනේ සාරි ඇල්ල බලන්න, මේ ගමනේදී මම දැක්ක ලස්සනම ඇල්ල තමයි සාරි ඇල්ල, සාරි ඇල්ලත් කොටස් දෙකකින් සාරියක පොටක් වගේ වැටෙන ලස්සන ඇල්ලක්, නාන්න එහම පුළුවන් කූඩෑල්ලෝ එහම අඩු තැනක් ගොඩක් අපි ගියේ ගොඩක් අව්ව දවසක නිසා ලොකුවට කූඩෑල්ලෝ හිටියේ නැ. 🥰
සාරි ඇල්ලත් බලලා අපි හවස 2.30 වගේ පිටත් උනේ කෑලෑබොක්ක 360 view එක බලන්න. මේකට සැරේ ඇල්ලේ කිලෝමීටර් 25ක් වගේ තියෙනවා ගොඩක් හවස් වෙන්න කලින් මේකට යන්න, නැත්තම් අමාරු වෙනවා, අපි කෑලෑබොක්ක ටිකට් ගන්න තැනට හවස 4 වගේ වෙද්දී අවා එතන ඉදන් කිලෝ මීටර් 4ක් වගේ තියෙනවා peak එකට, මේ පාර නම් ගොඩක් කැඩිලා තියෙන්නේ බයික් එකක වත් යන්න පුළුවන් මට්ටමක් නැ සමහර තැන් වල එත් කොහම හරි හෙමින් හෙමින් ඉතින් යන්න පුළුවන් උඩටම. 💚💚
කෑලෑබොක්කේ උඩටම ගියාම අපිට 360 view එකක් බලාගන්න පුළුවන්. මාතලේ රිවස්ටන්, සෙම්බුවත්ත වගේ තැන් ගොඩක් ලගින් පේනවා, අපි යද්දී සාමාන්ය ගානට මීදුම තිබ්බ නිසා ගොඩක් දුර පෙනුනේ නැ. පැය ගානක් උනත් මෙතැනට වෙලා ඉන්න පුළුවන් හරිම නිදහස් තැනක්. 😍🔥
ඉතින් අපි 5ට විතර කොලබ එන්න පිටත් උනා, නුවර එද්දී හවස 6 වගේ උනා, කොලබට එද්දී වැස්ස නිසා 9 වගේ උනා එද්දී. මේ සම්පුර්ණ ගමනේ google map එකේ ලින්ක් ටික ඕනේ කෙනෙක් ඉන්නවා නම් inbox මැසේජ් එකක් දාන්න. 😘
පහල ෆොටෝස් වල කතාවේ ඉතුරු ටික, අනිවාර්යෙන්ම බලන්න, location ටික ඔක්කම පහල ෆොටෝස් වල තියෙනවා. ඒ වගේම මේ ගමනේ වීඩියෝ එක ඉක්මනට අරන් එන්නම්, ලයික් කරලා ශෙයා කරන්නත් අමතක කරන්න එපා! 🤗
#elvimadushanka #elvi #kandy #Huluganga #nuwara #srilanka #visitsrilanka #visitsrilanka2025 #narampanawa #matale #mathale #kellabokka































