සඳගලතැන්නෙන් සිරිපා මළුවට 😍❤️ 2024 අලුත් අවුරුදු දවසෙත් සිරිපා මළුවේ මේ අවුරුද්දෙත් සිරිපා මළුවේ 🥰
හැමෝටම 2025 වැඩි වැඩියෙන් Travel කරන සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️
මේ ගමන පිටත් උනේ අප්රේල් 13 පාන්දර, නල්ලතන්නියට යද්දී උදේ 7 වගේ උනා, එතනින් රාජමලේ ගම්මානයට යද්දී උදේ 9 වගේ උනා, රාජමලේට යද්දී ලස්සන තේ වතු වලින් වට උන පාරක් තියෙන්නේ ලෙස්සන විව් එකක් තියෙනවා පාරේ, රාජමලේට බස් එකේ යනවා නම් නල්ලතන්නියේන් බස් එක ගන්න ඕනේ, අපි මේ ගමන 13 යන්න තීරණය කලේ සෙනග ගොඩක් අඩු නිසා, රාජමලේ ඉදන් අපි ගමන පටන් ගත්තේ උදේ 10ට වගේ, සඳගල තැන්නට යද්දී දවල් 12 වගේ උනා අපි ගියපු දවස ගොඩක් අව්ව නිසා අපි ගොඩක් හෙමින් තමයි ගියේ 🥰
සඳගලතැන්න පාරත් කුරුවිට එරන්ත මාර්ගය වගේ හරිම ලස්සනයි දිය පාරවල්, ගස් කෝලන් වලින් වට උන පාරක් තමයි මේකත් අනිවාර්යෙන්ම කරුණා කරන්න ඕනේ පාරක් තමයි. මළුවට යද්දී අපි හවස 4 වගේ උනා. 🥰
අපි මළුවේ පැය 2ක් වගේ ඉදලා 6ට වගේ තමයි පහලට එන්න ගත්තේ. සඳගලතැන්න පාරේ කරන්ට් එක සහ ලයිට් නැති නිසා මේ පාරේ රෑට එන්න බැ, ඒ නිසා යන අය දවල් වරුවේ කරුණා කරන්න අනිවාර්යෙන්ම අපි රැ බහින්නම ලෑස්ති වෙලා ගියේ touch එහම අරගෙන ඒ නිසා අපිට ලොකු ප්රශ්නයක් උනේ නැ.🥰
රාජමලේ ගම්මානයට එද්දී රෑ 10 වගේ උනා, අපි රාජමලේ ගෙදරක රෑ නැවතුනා, පොඩි මුදලක් වෙන්නේ ඒ හරියේ ගෙදරක කාමරයක්. ඊට පස්සේ දවසේ ( දෙවැනි දවසේ) අපි ගියේ moray estate එකේ view point එකට මුලින් මෙතනට gartmore ඇල්ල ලස්සනට පේනවා, අපිට මෙතැනිදී moray ඇල්ල මගහැරුණා ඔයාලා යනවා නම් අනිවාර්යෙන්ම ඒ ඇලලටත් යන්න.
ඊට පස්සේ අපි අප්කට් වල Farilawn දිය ඇල්ල බලන්න, මොකද කලින් පාර මම මේකට යද්දී ගොඩක් වැස්ස නිසා මට දිය ඇල්ල ලගට යන්න බැරි උනා. මේ පාර ගිහින් අපි දවල්ට එතැන ඉදන් කාලා, එකෙන් නලා එතනින් දවල් 2කට වගේ ලක්ෂපාන දිය ඇල්ල බලන්න අවා. ලක්ෂපාන දිය ඇලලත් බලලා හවස 6ට වගේ අපි කොලබ එන්න පිටත් උනා, කොලබට එද්දී රැ 10 වගේ උනා.🥰
කතාවේ Location ටිකයි, ඉතුරු විස්තාරේ ෆොටෝස් වල ඇති 😘😘 මේ ගමනේ වීඩියෝ එකක් youtube channel එකෙන් ඉස්සරහට අරගෙන එන්නම් එහනම් subscribe කරලා තියා ගන්න. 😘😘
#elvimadushanka #sandagalathanna #sripadaya





















