2025 අවුරුද්දේ ට්රැවල් කරපු තැන් ඔක්කම එක පෙළට ❤️ | 2025 Recap 😍
01. අවුරුද්ද මුල්ම ගියේ කල්තොට, කල්තොට යද්දී අපිට දිය ඇලි, වැව්, ආගමික ස්ථාන, වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. සම්පුර්ණ Location එක්ක Post එකක් සහ video එකක් දාලා තියෙනවා ඒ පොස්ට් එක පලවෙනි කමෙන්ට් එකේ ඇති. 👉
02. දෙවනියට ගියේ බලන්ගොඩින් උඩ පැත්තට, බගවන්තලාව හරහා ගර්ට්මෝර් වලට, මේ ගමනේදීත් ගොඩක් දිය ඇලි සහ ලංකාවේ ලස්සනම කදු උඩින් යන පාරක් බලාගන්න පුළුවන්. පලවෙනි කමෙන්ට් එකේ සම්පුර්ණ post එක සහ video එක ඇති බලන්න. 😌
03. අපි ඊට පස්සේ ගියේ නුවරින් කිලෝමීටර් 40ක් ඇතුලට වෙන්න තියෙන හුළුගල හරහා නකල්ස් කදු පාමුලට, මේ ගමනේදී අපිට දිය අලි 8ක් විතර බලාගන්න පුළුවන් ඒ වගේ 360 view එකක් තියෙන කන්දක් මුදුනටත් මේ ගමනේදී ගියා. 😉
🔴PS : මේ ගමන්වල සියලුම විස්තර සහින post සහ video පලවෙනි කමෙන්ට් එකේ ඇති 🔴
04. සදගලතැන්න හරහා ශ්රී පාදයට, මේ ගමනේදී අපි අප්රසිද්ද දිය ඇල්ලකටත් වලටත් ගියා. 🙏
05. සිංහල අලුත් අවුරුද්ද නිවාඩුවට ගියේ, කදු නගින අලි ඉන්න පුනාගල පැත්තට, මේ ගමනේදී දිය ඇලි සහ ලස්සන viewpoint දෙකක් cover කරන්න අපිට පුළුවන් උනා. 😻
06. වෙසක් පෝය නිවාඩුවට, අපි ගියේ මන්දාරම් නුවර හරහා වලපනේට, මේ ගමනේදී ලංකාවේ උසම දිය ඇලි ගොඩක් සහ ලස්සන viewpoint එකක් බලන්න යන්න අපිට හැකියාව ලැබුනා. ලංකාවේ කැලේ ඇතුලේ හැංගිලා තියෙන දිය ඇලි ගොඩක් බලාගන්න පුළුවන් උනා. 👌
07. ඊට පස්සේ අපි ගියේ ශ්රී පාදයේ දකුණු බෑවුමෙන් වැටෙන කුනිස්සන් ඇල්ල හරහා මාපලාන ඇල්ලට, කුනිස්සන් ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන වෙනස්ම සහ ලස්සනම දීය ඇලලක්. 😋
08. අවුරුද්දේ අන්තිම වෙද්දී, කිතුල්ගල වෝටර් රාෆ්ටින් කරන්නත් ගියා. 😉
09. ඔක්තෝම්බර් මාසේ අපි ගියේ අවාරේ ශ්රී පාදයේ, ආවාරේ යනවා නම් අගෝස්තු ඔක්තෝම්බර් නොවැම්බර් තමයි හොදම. මේ ගමනේදී හැටන් වලින් නැගලා රත්නපුර පාරෙන් බැස්සේ. 😘
10. අවුරුද්දේ අන්තිම ගමන උනේ, දෙසැම්බර් මාසේ දොළොස්බාගේ හාරහා කබරගල කන්දට, ධිට්ටා නිසා ගොඩක් මේ පාර විනාශ වෙලා තියෙනවා. මේ ගමනේ සම්පුර්ණ විස්තරයක් තවම පළ කරලා නැහැ. ඒ නිසා කලින් ගියපු දොළොස්බාගේ ගාමනක පොස්ට් එකක් මම පලවෙනි කමෙන්ට් එකේ දාලා ඇති. 😍
🔴මේ සියලුම ගමන් වල, යන විදිහ බලන්න පුළුවන් තැන්, location වල google maps ලින්ක් ඔක්කම පොස්ට් වල සදහන් කරලා තියෙනවා, ඉතින් පලවෙනි කමෙන්ට් එකේ මේ සියලුම ගමන් වල post, video ලින්ක් ටික ඇති. අනිවාර්යෙන්ම බලන්න. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න.🔴




















