කොළඹ ඉදන් පැය 3.30කින් යන්න පුළුවන් දියඇලි දාමය. ❤️
අපි ගමන පිටත් උනේ උදේ 6ට වගේ කොලබින් කෙලින්ම ගියේ රත්නපුර දිස්ත්රික්කයට අයිති අයගම කියන ගම්මානයට, මේ ගමේ සුන්දර දිය ඇලි ගොඩක් තියෙනවා. එත් අපිට ලේසියෙන්ම යන්න පුළුවන් 3ක් 4ක් තමයි තියෙන්නේ ගොඩක් ඒවාට පාරවල් එහම හරියට නැ කැලෙන් තමයි යන්න තියෙන්නේ.🍀
අපි ගියේ පානදුර රත්නපුර පාරෙන් එත් හොරණ පැත්තෙන් උනත් අයගමට පාරක් තියෙනවා. මැප් එකේ පෙන්නපු විදිහට. මුලින්ම ගියේ මියුනු ඇල්ලට ගවගිරියේ මේ දවස් වල නම් වතුර ගානට මාර ලස්සන ඇල්ලක් කැලේ ඇතුලේ හැංගිලා තියෙන. ඇල්ලෙ උඩ ඉදන් පහලට යන්න ලේසියෙන්ම පාරවල් එහමත් තියෙනවා තව නාන්න සුපිරිම තැනක් මේක නම්, හොදට නාන්න කරන්න ඉඩ තියෙනවා.🌴
ඊට පස්සේ කෙලින්ම අපි ගියේ අයගම මහදොලට මේක නම් පොඩි එත් නැටුරල් පූල් එකක් වගේ, ලස්සන තැනක් එත් එතන ඉදපු අය කිව්වා ඉරිදා දවසටම එහම එතන නම් ඉඩ නැ කියලා, සතියේ දවස් වලට නම් මාරු නාලා එන්න කවුරුත් නැහැ.🍀😍
ඊට පස්සේ ගියේ Minee ඇල්ලට මේක තමයි මම දැකපු ලස්සන layers layers ගානට වැටෙනවා, ලස්සනම විව් එකක් තියෙන්නේ එතන නම්, මෙතන ඉදන් දවල්ට කළා කෙලින්ම.🥰
කුකුලේගම ඩෑම් එක පාරෙන් මාකෙලි ඇල්ලට ගියේ, යද්දී හම්බෙනවා තව තව පොඩි දියඇලි ගොඩක්, පොඩි කිව්වට පොඩිත් නැ 😀 කුකුලේගම ඔය තව මාකෙලි ඔය වගේ ගොඩක් දේවල් හම්බෙනවා මේ පාරේ.
මාකෙලි ඇල්ල නිකම් අයිස්ලන්තේ තියෙන Skógafoss කියන ඇල්ලේ mini වර්ෂන් එකක් වගේ මම නම් දැක්කේ, පොඩ්ඩක් ඒ වගේ විව් එකක් තියෙනවා එතන මේ දවස් වල ගානට වහින නිසා වතුර ලස්සනට තියෙනවා.😍🌊
මාකෙලි ඇල්ලත් බලලා බුලත්සිංහල හරහා කෙලින්ම කොලබට ආවා, බුලත්සිංහල කියන්නේ ලස්සන වෙල් වලින් වට උන නගරයක්, වහින දවස් වලට නිකම් ඉන්දියාවේ කේරලය වගේ වයිබ් එකක් තියෙන්නේ එහේ. කොලබට එද්දී හවස 6.30 වගේ උනා.🍀
කතාවේ ඉතුරු ටික ෆොට්ස් වල ලියලා තියෙනවා, අනිවාර්යෙන්ම බලන්න සහ Page එකත් Follow කරන්න.😘😘
#elvimadushanka #elvi #ayagama #rathnapura #Sabaragamuwa #SabaragamuwaUniversity #waterfall #forest #visitsrilanka #srilanka #srilankalife































