බයික් එකෙන් බීච් සයිඩ් (secret island) එකකට දවසෙන් ගිහින් එන්න පුළුවන් සුපිරි ගමනක් ❤️
කොලබින් උදේ 8ට වගේ පටන් ගත්ත ගමන කෙලින්ම ගියේ කළුතර බෝදියට, බෝධියට යද්දී උදේ 10ට වත් නැහැ, බෝදිය වැදලා උදේට කළා, 😇
කළුතර richmond castle එක බලන්න ගියේ මේකට යද්දී නම් රු.50කට ටිකට් එකක් අරගන්න ඕනේ. මේක ඇවිත් වලව්වක් නෙවෙයි මාලිගාවක් කියලා තමයි කියන්නේ නිකම් බලකොටුවක් වගේ ලස්සන ෆොටෝස් ටිකක් එහම ගහගන්න පුළුවන්, එත් අවසරයක් නැතුව ඇතුලේ ෆොටෝ ගහන්න තහනම්.
මේකේ ලොකු Garden එකක් තියෙනවා එක නිසා නිදහසේ ඉන්නත් පුළුවන් ගිහින්, 😌
ඊට පස්සේ කෙලින්ම දවල් 1 වගේ වෙනකම් මේකේ ඇවිදලා, 😌ගොඩක් අව්ව නිසා දවල්ට කළා 3 වගේ වෙද්දී ආයෙත් කළුතරින් බෙන්තොටට ගියා, 😌
බෙන්තොට secret island කියලා තමයි ගූගල් මැප් එකේ නම් තියෙන්නේ, මේ beach එකට පයින් උනත් එන්න පුළුවන් හැබැයි ගොඩක් දුර වටයකින් බෝට්ටුවේ යනවා නම් විනාඩි 5කින් වගේ යන්න පුළුවන්, මන් දැකපු ලස්සනම beach වලින් එකක් තමයි මේක, හැංගිච්ච beach එකක් වැඩිය කවුරුත් යන්නේ නැති.
මේ beach එකේ කැලයක් ඇතුලට වෙන්න බාවනා කරන පන්සලකුත් තියෙනවා, beach එකට යනවා නම් අනිවාර්යෙන් එකටත් ගහින් බලාලා එන්න. 😍
beach යන පාර පලවෙනි කමෙන්ට් එකේ තියෙනවා ගූගල් මැප් ලින්ක් එක, ගියාට කමක් නැ පා සටහන් විතරක් ඉතුරු කරලා එන්න.. 😘😘
ඉතුරු කතාව ෆොටෝස් වල ඇති <3 ගොඩ කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් පුලුවන්නම් පොස්ට් එක ශෙයා පාරකුත් දාන්න... 🥹












