Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  රත්නපුර
රත්නපුර2025 ජූනි 19

සමනල රක්ෂිතයේ දකුණු බෑවුමෙන් ගලා හැලෙන කූනිස්සන් ඇල්ල සහ මාපලාන ඇල්ල සොයා ගිය ගමන

කූනිස්සන් ඇල්ල 💚
කූනිස්සන් ඇල්ල 💚

සමනල රක්ෂිතයේ දකුණු බෑවුමෙන් ගලා හැලෙන කූනිස්සන් ඇල්ල සහ මාපලාන ඇල්ල සොයා ගිය ගමන 😍💚

මීට කලින් කිහිප වතාවක්ම මාපලාන ඇල්ලට ගිහින් තිබුනට වැඩිය ප්‍රසිද්ද නැති කූනිස්සන් ඇල්ල ගිහින් තිබ්බේ නැ, මේ ගමනේ ප්‍රදාන අරමුණ උනේ කූනිස්සන් ඇල්ල බලන්න යන්න තමයි.

රත්නපුර පුංචි දඹදිව පාරේ කිලෝමීටර් කිලෝමීටර් 24ක් වගේ යන්න තියෙනවා කූනිස්සන් ඇල්ලට, පුංචි දඹදිව පන්සලේ ඉදන් කිලෝමීටර් 5ක් වගේ තියෙනවා, රත්ගඟ පොල්වත්ත කියන ප්‍රදේශයේ තමයි ඇල්ල පිහිටලා තියෙන්නේ. අපි ගියේ ගොඩක් වැස්ස දවසක නිසා අපිට අන්තිම කිලෝමීටර් දෙක ගොඩක් අමාරු උනා යන්න, ඇල්ල ලගටම යන්න පාරක් ඇති එත් අපි යද්දී කැලේ ගොඩක් වැවිලා නිසා අපි පාරක් හදාගෙන තමයි ඇල්ල ලගට ගියේ, කූඩෑල්ලෝ නම් සැහෙන්න ගොඩක් හිටියා. ඇල්ල ලගට යන්න ටිකක් අමාරුයි ගල් ලිස්සනවා හරිම පරිස්සමෙන් තමයි යන කෙනෙක් යන්න ඕනේ.

කූනිස්සන් ඇල්ල කොටස් දෙකකට වැටෙන, කැලේ ඇතුලේ හැංගිලා තියෙන හරිම ලස්සන ඇල්ලක්. අඩවියට පොඩි වැස්සක් ඇද හැලුනත් ඉක්මනට වතුර වැඩිවෙන ඇල්ලක්.

කූනිස්සන් ඇල්ල ඇල්ල බලලා අපි ගියේ කිලෝමීටර් 4ක් එහායින් තියෙන මාපලාන ඇල්ලට, කිලෝමීටර් 4ක් කිව්වට පාරෙන් යද්දී ටිකක් දුරයි. ගූගල් මැප් එකේ පෙන්වන පාරෙන් මාපලාන ඇල්ලට යන්න බැහැ ඒ පාර හොදටම කැඩිලා. ඒ නිසා ආයෙත් පලාබද්දලට ගිහින් තමයි මාපලාන ඇල්ලට යන්න තියෙන්නේ, අපි පලාබද්දලට ආවේ ගූගල් මැප් එකේ නැති පාරකින් ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන.

මාපලාන ඇල්ල කියන්නේ කොටස් දෙකකට වැටෙන මීටර් 148ක් උස ඇල්ලක්, මේ ඇල්ලට යන්න නම් එච්චර අමාරු නැ ප්‍රදාන පාරේ ඉදන් මීටර් 300ක් විතර ඇතුලට තියෙන්නේ.

රත්නපුරේට එද්දී තවත් පොඩි පොඩි දීය ඇලි ගොඩක් හම්බෙනවා, ඉතින් ඒවත් බලාගෙන හවස කොලබ එන්න පිටත් උනා, කොලබට එද්දී හවස 6යි විතර උනා. 4

ගමනේ ඉතුරු විස්තර ටික Photos වල ලියලා තියෙනවා අනිවාර්යෙන්ම ඒ ටිකත් බලන්න. 😘

#ElviMadushanka #mapalanafalls #kunissanfalls #kunissan #mapalana #rathnapura #ratnapura #sabaragamuva #sabaragamuwa #waterfalls

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs