නවසිලන්තේ වගේ ෆයිනස් ගස් වලින් වට උන කැලයකට දවසින් ගිහින් එමු 😍
කෙටියෙන් කිව්වොත් කොළබ > බුලත්කොහුපිටිය > දේදුගල හරහා දොළොස්බාගේ > නාවලපිටිය > නාගස්තැන්න හරහා යටියන්තොට > කොලබ
අපි පිටත් උනේ කොලබින් පාන්දර 6ට වගේ, කෙලින්ම බුලත්කොහුපිටියට යද්දී උදේ 8 වගේ උනා, පළවෙනියෙන්ම හම්බෙන්නේ, වෙළද ඇල්ල එත් මේකට නම් යන්න බැරි උනා මේක මිස් උනා ෆෝන් එකේ ඩෙටා අවුලක් වෙලා මැප් එක නැතුව, ඊට පස්සේ හම්බෙන්නේ රිකිලි ඇල්ල, මේ රිකිලි ඇල්ල ලගම තමයි වෙළද ඇල්ලත් තියෙන්නේ, 😌
රිකිලි ඇල්ල නම් යන පාරෙමයි තියෙන්නේ. ඊට පස්සේ රිකිලි ඇල්ල කෙලින්ම පිටත් උනේ නළගන ඇල්ලට මේ ඇල්ල නම් මේ දවස් වල ගොඩක් ලස්සනයි වතුර හොදට තියෙනවා එත් උඩට යන්න අමාරුයි වතුර වැඩි නිසා පහල ඉදන් හොදට පේනවා ඇල්ල. ඊට පස්සේ ඒ පාර දිගේ උඩටම යද්දී අපිට හම්බෙන්නේ රුක්මල් ඇල්ල මේක නම් සාමාන්ය ඇල්ලක් වැඩිය ලොකු නැ එත් ලස්සනයි.😍
මේ හරියේ මේ වගේ තව දිය ඇලි ගොඩක් තියෙනවා, වෙලාව මදි නිසා අපි යන පාරේම තිබ්බ ඒවාට විතරයි ගියේ. රුක්මල් ඇල්ලත් බලලා කෙලින්ම ගියේ දේදුගල පැලම්පිටිය විව් පොයින්ට් එකට, මෙතන නම් ගොඩක් ලස්සන තැනක් පැය ගානක් උනත් ඉන්න හිතෙනවා එත් අපි ගියපු දවසේ හොදටම විව් එක තිබුනේ නැහැ මොකද අපි කොලබින් යන්න පටන් ගත්ත වෙලේ ඉදන් වහිනවා. 😭
ඊට පස්සේ දවල්ට කළා දේදුගල විව් පොයින්ට් එක හරියේ ඉදන්ම, කෙලින්ම තේ වතු මැද්දෙන් අවේ නාවලපිටියට ඒ එද්දිත් දිය ඇලි හම්බෙනවා දේතිරි ඇල්ල තව 1ක් 2ක් එත් ප්රදාන පාරේ නෙවෙයි ප්රදාන පාරෙන් ඇතුලට වෙන්න, ප්රදාන පාරට හම්බෙන්නේ දේතිරි ඇල්ල විතරයි. 😌
දේතිරි ඇල්ලත් බලාගෙන නවලටපිටියට එද්දී හවස 2යි වගේ, එතනින් නාගස්තැන්න තේ වතුයාය මැදින් ඔළු ඇල්ලට ආවේ. නාගස්තැන්න විව් පොයින්ට් එකක් තියෙනවා එත් අපිට හොද විව් එකක් තිබ්බේ නැහැ වැස්ස නිසා. මේ පාරේ යනවා නම් ගොඩක් පරිස්සමෙන් යන්න මොකද පාර ගොඩක් ලිස්සනවා. මේ පාර නම් නවසිලන්තේ වගේ ෆිල්න්ග් එකක් එන්නේ මොකද ගෙවල් එහමත් සැහෙන්න අඩුයි පයිනස් ගස් වලින් පාර දෙපැත්තෙන්ම වැහිලා වෙනම වයිබ් එකක් ඒ පාරේ නම්. 😍🥹
මේ පාර මුල ටික හොදයි එත් මැද්දෙදි තියෙනවා tamil ගම්මානයක් එතනින් පස්සේ නම් පාරේ යන්න අමාරුයි බයික් එකකවත් පාරක් නැ මේ දවස් වල නම් වතුරට හේදිලා ගිහින් ලොකු ගල් මතු වෙලා උඩට එත් හෙමින් හෙමින් අවා යටියන්තොටට. 😌
යටියන්තොටට එද්දිත් දිය ඇලි ගොඩක් හම්බෙනවා ප්රදාන දිය ඇල්ල තමයි ඔළු ඇල්ල. යටියන්තොටට එද්දී හවස 3.30 වගේ එතනින් කෙලින්ම අවිස්සාවේල්ල > හංවැල්ල හරහා කොලබට එද්දී හස 5.45 වගේ. 🥺😍
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල අනිවාර්යෙන් බලන්න. 😘
දොළොස්බාගේ හරියේ නම් කඩවල් අඩුයි කෑම කන්න ඒ නිසා බුලත්කොහුපිටියෙන් අරන් යන්න නැත්තම් නාවලපිටියට යනකම්ම නැහැ. මේ දවස් වල නම් kudallo ටිකක් ඉන්නවා. 🥲
අහ්, ෆොටෝස් වල ඉන්න අලුත් කෙනා කවුද :D පහුගිය කාලෙම මම ගොඩක් ට්රැවල් කලේ තනියම නිසා, බැග් ටික වත් උස්සන් යන්න කෙනෙක් නැති නිසා :D ට්රැවල් කරන්න පාට්නර් කෙනෙක් හොයා ගත්තා, දැන් ඉතින් වියදම වැඩි ප්රෙන්ස් :D 😅


























