දවසෙන් Yakaගේ පඩිපෙලේ යන්න ලේසිම ක්රමය 😍 ඔහියේ සිට කලුපහනට 20KM වඩා පයින් ඇවිදින ගමනක් 🚶
ගොඩක් අය කියනවා Yakaගේ පඩිපෙළ යන්න අමාරු තැනක් කියලා ඔව් එත් කියන තරම් අමාරුවක් නැහැ පයින් ගියොත්, බයික් වල වාහන වල නම් යන්න පුළුවන් පාරක් නෙවෙයි මේක යන්න ලේසිම ක්රමය මේකයි. 🥰
කෙටියෙන්. : ඔහිය > Yakaගේ පඩිපෙළ > වැලි වංගුව > ලංකා ඇල්ල > බබරකන්ද ඇල්ල > කළුපහන 😇
අපි ගියේ 28 රැ තියෙන නයිට් මේල් එකේ බදුල්ලට යන 8.30 ඔහියට යද්දී කෝච්චිය 29 පාන්දර 5.30 උනා. ( සැයු: ටිකට්ස් බුක් කරලා යන්න හිටගෙන වත් යන්න පුළුවන් තත්වයක් ට්රෙන් එකේ නැහැ)
🥲 ඒ වගේම ට්රෙන් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්න එපා මම අමාරු නිසා ඉදගත්තා ඉදගෙන විනාඩි 5ක් යන්න පුළුවන් උනේ නැ ප්ලැට්ෆෝරම් එකක කකුල වැදුනා දෙකට කැඩුනා වගේ දැනුනේ 😭
ඔහියෙන් 5.30ට බැහැලා අපි පැය බාගයක් ස්ටේෂන් එකේ ඉදලා 6ට ගමන ආරම්බ කළා හෝටන්තැන්න පාර දිගේ. 🥹
අපි ගමන ඉවර කරලා අපිට පාරත් 2 3 පාරක් වැරදිලත් ඔක්කම කිලෝමීටර් ගාන 25km වගේ උනා කලුපහනට එද්දී හවස 5 වගේ උනා, එතනින් අපි බස් එකක් අරගෙන හපුතලේට අවා හපුතලේට එන්න 6 වගේ උනා, හපුතලෙන් අපිත් එක්ක ආව මල්ලි කෙනෙක් අයෙත් නුවරට එන්න රැ නයිට් මේල් එක එනකම් හිටියා, 😋
6.30 වගේ මම සහ අනිත් යාලුවා කොලබ බස් එකක නැගලා 99 බදුල්ල කොලබ පාන්දර 1 වෙද්දී ගෙදර අවා. 😇
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල ලියලා තියෙනවා. 👉
මේ වගේ තවත් පොස්ට් බලන්න Elvi Madushanka පේජ් එකක් Follow කරගෙන යන්න
🛑🛑 සැයු: 👇
01.කෑම ගොඩාක් අරන් යන්න එපා කලා ඇවිදින්න අමාරුයි. වතුර අරන් යන්න අනිවාර්යෙන් සහ කෑමත් මොකද එහෙ ගන්න කඩ නැහැ.
02.යද්දී පොඩි ළමයි ඉන්නවා එයාලටත් මොනා හරි අරන් යන්න අනිවා.
03.සාමාන්යෙන් ඇවිදින වේගෙන් ගියොත් මේ ගමන යන්න පුළුවන් මොකද මම ගියේ 20km ම කොර ගහා ගහා.
04.ට්රෙන් එක මිස් උනොත් රැ බස් තියෙනවා හැබැයි අඩුයි සහ පහුවදා උදේට තියෙනවා බස් සහ කොච්චි .
05.මේ මාසේ 10 වෙනිදා වෙනකම් යන්න එපා මොකද තෙල් ප්රශ්නේ ටිකක් විසදෙනකම් ඉන්න.
❌ඇල්කොහල් අනම් මනම් අරන් යන්න එපා බිලා ඇවිදින්න පුළුවන් ගමනක් නෙවෙයි.
👇 පහල කමන්ට්ස් වල ගියපු මැප් එකත් තියෙනවා. 👇
අපිට Yakaගේ පඩිපෙළේ හොදම ලොකේෂන් එකක් මිස් උනා අදික මිදුම නිසා එතනින් ඇවිදගෙන ගියත් ඒක නෙවෙයි කියලා හිතලා එතන පික්ස් ගැහුව්වේ නැ පහල ෆෝට් එකේ ඇති මිස් උන තැන.
ගොඩක් කෙටියෙන් කිව්වේ වැඩිය දිග කරන්නේ නැතුව, අවශ්ය කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා ඕන දෙයක් අහන්න. . . .
Fb: Elvi Madushanka
Instagram: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi
❣️🥺❣️ . . . . #ceylon #wildlifephotography #srilanka2022 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #hiriketiya #explorerssrilanka #srilanka #unawatuna #kandy #koggala #yala #pasikuda #travelgram #beachgirl #visitsrilanka #lk #visitlk #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #gohomerajapaksas #AnonymousSaveSriLanka
























