අවුරුදු නිවාඩුවට ගෙදර ඉද්දි එකපාරටම හිතුනා සිරිපාදේ යන්න 😍
කලින් මම රත්නපුර ශ්රී පලාබද්දල පාරෙන් ගිහින් නැති නිසා, එකෙන් තමයි ගියේ. මම කොලබින් පිටත් උනේ. උදේ 5.30 වගේ. පලාබද්දලට යද්දී උදේ 8.30 වගේ වෙලාව. 9 වෙද්දී මම නගින්න පටන් ගත්තා. 💕
එත් පලවෙනි පඩි 1000 නගිද්දීම මට තේරුනා. එරන්ත පාරට වඩා ගොඩක් නගිද්දී අමාරුයි කියලා. හේතුව එරන්ත පාර දුර උනත් පඩි නැ, ගොඩක් තැන් වල තැනිතලාව වගේ නිසා. පලාබද්දල පාරේ පඩි 4700 වෙනකම් වගේ ටිකක් අමාරු උනත් එතනින් එහාට ලොකු අමාරුවක් නැ. 😌
කොහම හරි හවස 4 වෙද්දී වගේ මම හැරමිටිපානට ගියා. එතනින් කළා බිලා IPL match එකේ ටිකකුත් බලලා. wifi තියෙන නිසා ගල්වන්ගෙඩිය කඩේ. කට්ටිය එක්ක කතා කරලා එතනින් පිටත් උනේ රැ. 8ට වගේ මළුවට යන්න. මළුවට යද්දී රැ 11 වගේ උනා. මම හිතුවේ අවුරුදු නිසා සෙනග නැතුව ඇති කියලා එත් හැටන් පාරෙන්. ගොඩක් සෙනග එනවා. 😍
මම ගියේ ඉර සේවයත් බලලම එන්න. එත් යද්දී වැස්ස නිසා ගෙනියපු ඇදුම් ඇදගෙන ගියපුවා ඔක්කමා තෙමුනා. 12 වෙද්දී මළුවෙන් මම බහින්න පටන් ගත්තා. ආයෙත් මම පලාබද්දලට එද්දී උදේ 4.30 වගේ උනා. 🥰
බහිද්දී නම් මුළු රත්නපුර පාරටම හිටියේ මම විතරයි. මම තනියෙන් ගිය නිසා. මට බහින්න ගියේ පය 5.30ක් වගේ නැවතී නැවතී හිටියේ නැ. පලාබද්දලට ඇවිත් එතනින් කොලබට පිටත් උනා 6 වෙද්දී. කොලබට එද්දී උදේ 9යි.😌
🔴 පසුව ලියමි: අඩියාමැලතැන්න අම්බලම හරියේ මට හම්බුන, මට එළවලු රොටියක් දුන්න රත්නපුරේ අක්කයි අයියයි මේ පොස්ට් එක දැක්කොත් කමෙන්ට් එකක් දාන්න.

























