එක දවසෙන් දියඇලි 10කට යමු 😍
කෙටියෙන් කිව්වොත්, 👇
කොළඹ > රත්නපුර > වේවැව්ල්වත්ත > බලන්ගොඩ > රජවක (කල්තොට) > කොළඹ 🥰
ගමන පටන් ගත්තේ කොලබින් පාන්දර 5ට වගේ, මහා වැස්සේ හැබැයි වැස්සේ කොලබට විතරයි, රත්නපුරේට යද්දී උදේ 7 පහු වෙලා කෙලින්ම හැමදමා වගේ කන රත්නපුර පෙරේරා ඇන්ඩ් සංස් එකෙන් උදේට කාලා, වේවැල්වත්තට යන්න පිටත් උනා, 💚
වේවැල්වත්තට යද්දී උදේ 9වගේ උනා, වේවැල්වත්තට යද්දී හම්බෙන දිය ඇලි ටික පිළිවෙලට, 👇
01 ක-ටු කිතුල් ඇල්ල 02 දෙහෙන ඇල්ල 03 මෝ-හි-නී ඇල්ල (ම-ද-නගිරි ඇල්ල) 04 බේරුවත්ත ඇල්ල 05 දෙමල ඇල්ල 1,2 07 අලුපොල ඇල්ල
ම-ද-නගිරි ඇල්ලට ටිකක් යන්න ඕනේ පයින් ඒ හරියේ ගමේ කෙනෙක්ගෙන් අහගෙන යන්න වැස්ස දවසට යන්න අමාරුයි, අපි ගිය දවසෙම තමා රත්නපුරට වහින්න ගත්තේ, දෙමල ඇලි දෙක බලන්න බහින්න ඕනේ, මට ඒ තුනට යන්න බැරි උනා, ලගටම ගිහින් හැරිලා අවා මේ තුනේම, යන්න බැරි උනාට ලගට ගියපු ෆොටෝස් ටික ඇති 😌
අලුපොල ඇල්ලට ගුගල් මැප් එකේ පෙන්වන පාරේ යන්න එපා මැප් එකේ ඒ පාරේ දැන් ලොකු කාණුවක් හදන නිසා ඇල්ලට වාහන වලින් යන්න බැ මගින් බැහැලා පයින් යන්න ඕනේ බෙරුවත්ත ඇල්ල බලලා උඩට යද්දී තමයි දෙමල ඇල්ල හම්බෙන්නේ දෙමල ඇලලත් බලලා ඒ පාරේම අලුපොල ඇල්ලට යන්න පුළුවන්😌
මේ ටික ඔක්කම අපි දවල් 1 වගේ වෙද්දී බලලා ඉවර කළා ඊට පස්සේ අපි බලංගොඩට යන්න පිටත් උනා (බලන්ගොඩ > රා-ස්ස-ගල පාරේ) එතන ඉදන් බලංගොඩට යද්දී හම්ම්බෙන්නේ (08) ආකි-ල් ඇල්ල මේක නම් ගොඩක් පොඩි ඒ උනාට අමුතු ලස්සනක් තියෙනවා එතැන 😍
ඊට පස්සේ තව ඉස්සරහට යද්දී බලන්ගොඩ ටවුන් එකට ලං වෙලා හම්බෙන්නේ (09) ඇල්ලේවල දිය ඇල්ල (Ellewala Waterfall) ඒ දිය ඇල්ල පොඩි උනාට ගොඩක් ලස්සන වෙල්යායක් එක්ක තියෙන්නේ 😌
නමවෙනි ඇල්ලත් බලලා බලන්ගොඩ ටවුන් එකෙන් කළා හවස 3.30 වගේ පිටත් උනා කල්තොට පැත්තට ඊට පස්සේ අපිට හම්බෙන්නේ (10) දියවිනි ඇල්ල මේකත් ලස්සන වෙල්යායක් එක්ක තියෙන දැකපු ලස්සනම දිය ඇල්ලක් 🌳
ඊට පස්සේ කෙලින්ම කොලබ බලා පිටත් උනා දියවිනි ඇල්ලෙන් 5 වගේ කොලබට එද්දී 7.30 වගේ උනා, වැස්ස නැති දිය ඇලි වල වතුර ලොකුවට තිබ්බේ නැ, 🌧️කොලබට විතරයි වැහැලා තියෙන්නේ ගමන ගියේ අගෝස්තු 19 පෝය දවසේ
ඔක්කම ෆොටෝස් ටික බලන්න, නම් ගම් සියල්ල එක්ක ෆොටෝස් ටිකේ ඉතුරු කතාව ඇති. 💚
#rathnapura #Sabaragamuwa #Pelmadulla #elvimadushanka #elvi #visitsrilanka #visitsrilanka2024 #waterfall #balangoda
























