දවසෙන් යන්න පුළුවන් ලේසිම හයික් එකක්,😮😍👇
අලගල්ලේ කන්ද, කෝච්චියේ නුවර යද්දී නිතරම දකින කන්දක් තමා මේක හැමෝම. ඉහල කෝට්ටේ මියන් ඇල්ල උඩින් තියෙන්නේ මේ අලගල්ල කන්ද, 😍
කොලබින් උදේ 5.55 බදුල්ල ට්රෙන් එකේ නැගලා කෙලින්ම යන්න පිළිමතලාවට, එතැනින් බැහැලා පොත්ත පිටියේ බස් එක ගන්න, පොත්ත පිටියට යද්දී උදේ 10 වගේ වෙයි කෝච්චිය පරක්කු උනේ නැත්තම්.😍
පොත්තපිටිය ටවුන් එකට ගිහින් කෙනෙක්ගෙන් අහන්න අලගල්ල කන්දට යන පාර නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. 😍
කොලබ ඉදන්ම හැමදේම දැනගෙන යන්න නම්, චතුරංග මල්ලිට කතා කරන්න, මාත් මේ ගමන ගියේ එයත් එක්ක, එයාගේ ගම තමයි පොත්තපිටිය ඉතින් හැමදේම දන්නවා. එයාගේ පේජ් එක කමෙන්ට් වල මෙන්ෂන් කරලා ඇති එකට මැසේජ් එකක් දාන්න ඕන අය.😇
අපි ගමන් පටන් ගත්තේ. 10.30 වගේ ගොඩක් හෙමින් අපි උඩට ගියේ මොකද අපි කැම්පින් කරන්න ගියේ. කන්ද උඩට යද්දී වෙලාව 12.30 වගේ උනා. ඊට පස්සේ කන්ද උඩ පැය දෙකක් වගේ ඉදලා, 😍
මේ කන්දෙම අනිත් පැත්තට ගියා ඒ කියන්නේ අපි හිටියේ නුවර පැත්තට තියෙන කෙළවරෙන් තමයි කන්ද නැග්ගේ, අපි නුවර පැත්තෙන් නැගලා කන්දේ එහා කෙළවර කෑගල්ල පැත්තට (ඒ පැත්තට කියන්නේ පුජාගල කියලා පන්සලක් තියෙනවා එතන) එහෙට ගියා. එකත් යන්න පැයක් විතර යනවා. කිලෝමීටර් 1ක් වගේ තියෙනවා කන්ද උඩත් ඇවිදින්න.. 😌
මේක බහින්න සහ නගින්න තියෙන්නේ ලනු දිගේ පොඩි ළමයි, උස තැන් වලට බය අය එක්කයන්න එපා. 🫣
නුවර පැත්තෙන් කන්ද නැග්ගම 360 විව් එකක් බලාගන්න පුළුවන්. එත් කෑගල්ල (පුජාගල) පැත්තේ 160 විව් එකක් තියෙන්නේ, 🥰
අපි කෑගල්ල (පුජාගල) පැත්ත කෙලවරේ පන්සලක් තියෙනවා එතැනට ගිහින් අපි කැම්පින් ටෙන්ට් එක ගහගත්තා. මොකද ඒ හරියේ හුලන් අඩු නිසා. අපි ලග තිබ්බ ටෙන්ට් එක අනිත් පැත්තේ ගහන්න තරම් ශක්තිමත් නැහැ. 😌
ටෙන්ට් එක ගහලා ඉවර වෙද්දී වෙලාව වෙලාව 5.30 වගේ කෙලින්ම තේකක් ගහාලා කළා නිදාගෙන පහුව දා උදේ 4.30 වගේ නැගිටලා කළුවර නුවර පැත්තේ කෙලවරට ගියා. 😍
දන්නේ නැති කෙනෙක්ම යන්න එපා. මොකද චතුරංග මල්ලිත් මතකෙන් ගියේ පාර ටෝච් එළියෙන් එයා 7 වසරේ ඉදන් මේ කන්ද නගින නිසා පාර මතකයි. 😇
ඉතුරු කතාව ෆොටෝස් වල අනිවාර්යෙන් බලන්න. 😘
අහ කමෙන්ට්ස් වල රෑට මාවනැල්ල, කෑගල්ල, නගරය පෙන හැටි ඇති.. 🥰
මතක් කරලා වතුර ගෙනියන්න. මොකද වතුර නැහැ මේ කන්දේ කොහෙන් වත් හොයා ගන්න. අපිත් ලීටර් 7ක් වගේ අරන් ගියේ පහල ඉදන්ම. 😁
කුඩඇල්ලෝ නම් හිටියා අපි යද්දී සැහෙන්න.🎃

















